අළුත් මහ බැංකු වංචාවෙන් පෙර හෙළිදරව් යටපත් වේද?

 

 

 

 

 

b56e2bfe5ccb690871e1ef32c53f1f26_Lපසුගිය රාජපක්ෂ රෙජිමයේ වංචා දූෂණ නිමක් නැති බවත් රාජපක්ෂලා හෙන්චයියන් පොහොසතුන් බවට පත් කළ අාකාරය අනාවරණය වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ සාමාජිකයින්ගේ හමුවේදීය.

මහබැංකුවේ චංචා දූෂණ සෙවීමට කමිටුවක් පත් කළ බවත් එහිදී තවත් වංචාවක් පිළිබද කරුණු මතුවූ බවත් සදහන් කළේය. 2012,2013,2014 වර්ෂවල ලංකා අාණ්ඩුවට මුදල් එකතු කිරීමට බැඳුම්කර  නිකුත් කිරීම සිදු කර අැත්තේ විනිවිද භාවයකින් ෙනාවන බවත් ඒවා නිකුත් කර අැත්තේ රාජපක්ෂ අාණ්ඩුවේ හිතවතුන්ට බවත් කමිටුව හරහා කරුණු අනාවරණය වී අැති බව පැවසුවේය.

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ අනුමැතියක් නොමැතිව මහබැංකුව පත් කළ ටෙන්ඩර් කොමිටියක් හරහා මේවා සිදු කර අැති බව කමිටුව අනාවරණය කර ගෙන අැති බව කීවේය.ගැටලුව වන්නේ මේ ටෙන්ඩර් කමිටුව කරන  කියන දේ ගැන මහ බැංකු අධිපතිවරයා හොයා බැළුවේ නැත්තේ මන්ද යන්නයි.

ඒ අනුව බිලියන දෙදහස් හත්සියයක මුදලක් ඔවුන්ගේ  යහළුවන්ට ලබා දී අැති අතර ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියකින් ලබාදීය යුතු වුවත් පෞද්ගලික ඉල්ලීම් වලට අනුව හිතවතුන්ට පමණක් ලබාදී අැති පැවසුවේය. මේ නිසා ප්‍රාථමික ගැනුම්කරුවන්ට අවස්ථාව නොලැබුන බවත් මෙම කටයුත්ත මහ බැංකු ප්‍රතිපත්ති වලට අනුකූල නොවන බව වැඩබලන මහබැංකු අධිපති සමරසිංහ මහතාද සනාත කර අැති බවට කමිටුව කරුණු දක්වා අැති බව පැවසුවේය.

[vsw id=”/youtu.be/wYEAViw3Ymo” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

කමිටුව හරහා බිලියන 10 ක වංචාවක් විභාග කිරීමට යාමේදී එවැනි 270 ගුණයකට වැඩි චංචාවක් හෙළිවූ බවත් රාජපක්ෂ රෙජිමයේ විනිවිදභාවයකින් තොරව කටයුතු කර අැති බව හෙළිදරව්වූ බවත් සදහන් කළේය. රජයේ සේවකයන්ට,සාමාන්‍ය ජනතාවට සහන ලබා නොදී හිතමිතුරන්ට සලකමින් ඒ හරහා ඔවුන් ලාභ උපයා ගත් බවත් රාජපක්ෂලා හෙන්චයියන් ධනවාදීන් බවට පත්කළේ මේ ක්‍රමවේදය හරහා බවත් පැවසුවේය.

අළුත් වංචාවක් ගැන හොයා ගැනීම යහපත් කටයුත්තක් වුවත් ඒ මගින් ඊට පෙර හොයාගත් වංචාව යටපත් වේ නම් එතැන ගැටළුවක් ඇත.

මේ පිළිබදව හිටපු අැමතිවරුන්ද වගකිව යුතු බවත් කලින් සුදූ වෑන් වලට බියෙන් සිටි මුනිවත රැකි අැමතිවරුන්ට දැන් නොබියව වංචා දූෂණ පිළිබදව කතාකරන්නට හැකි වාතාවරණයක් උදාවී අැති බවද පැවසුවේය. හිටපු මුදල් අම්ත්වරුන් ගේ වගකීම මතක් කර දීම යෙහෙකි.එහෙත් ඒ මගින් වර්තමාන මුදල් ඇමතිවරයාගේ වගකීම යටපත් වේ නම් එතැන ගැටළුවකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.