අළුත් ව්‍යවස්ථාව 21වනදා පාර්ලිමේන්තුවට

Parliamentනව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු වාර්තාව අවසන් වී ඇති අතර මේ වාර්තාව 21වනදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලෙස රැස්වෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වාර්තා මගින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට යෝජනා කොට ඇත. බලය බෙදීම සම්බන්ධයෙන් 13වන සංශෝධනයේ මූලධර්ම මත පදනම් වූ බලය බෙදීමක් යෝජනා වී ඇත. ඊට අමතරව සෙනට් සභාව හරහා මධ්‍යම ආණ්ඩුව තුලද ජනවාර්ගික නියෝජනයක් ඇති කිරීමට යෝජනා වී ඇත.

එක්සත් ජාතික පක්ෂය හැර මෙහෙයුම් කමිටුවේ සාමාජිකත්වය දැරූ අනෙක් පාර්ශවයන් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, දෙමළ ජාතික සංධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග‍්‍රසය, ජාතික හෙළ උරුමය, දෙමළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ සහ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා විසින් මෙහෙයුම් කමිටු වාර්තාවට පාද සටහනක් ලෙස වාර්තාවට වෙනස් අදහස් කිහිපයක්ද එක් කොට ඇත. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කියා සිටින්නේ නව ව්‍යවස්ථාව වෙනුවට ජනමත විචාරණයකට නොයන සංශෝධන පමණක් ඉදිරිපත් කළ යුතු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.