අළුත් ව්‍යවස්ථා පොරොන්දුවක් – අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ

 

 

Wijedasaඉදිරි මහ මැතිවරණයෙන් පසු බලයට පත්වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.ඔහු මෙම අදහස් ඉදිරිපත් කළේ අද(10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

සම්පුර්ණ ප්‍රකාශය මෙතැනින්

අග‍්‍රාමාත්‍යවරයාට වැඩි බලතල පැවරෙන වගන්ති කිහිපයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් ඉවත් කර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.

අදාළ වගන්ති සම්මත කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයක්ද පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබීම ඊට හේතුව බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය. අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා අග‍්‍රාමාත්‍යවරයා බවට දක්වා ඇති විධිවිධානයද මේ අනුව 19 වන සංශෝධනයෙන් ඉවත් කෙරෙනු ඇත.

අමාත්‍යවරුන් මාරු කිරීමට සහ අමාත්‍යවරුන්ගේ විෂය මාරු කිරීමට අග‍්‍රමාත්‍යවරයාට පවරා ඇති බලයද 19 වන සංශෝධනයෙන් ඉවත් කර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.

මෙහිදී ඔහු වැඩි දුරටත් පැවසුවේ කලකල පසු අධිකරණය ස්වාධීනව කටයුතු කර කිසිදු බලපෑමකින් තොරව ස්වාධීන තීන්දුවක් ලබාදී අැති බවයි. පසු ගිය අාණ්ඩු සමයේ අධිකරණය විධායකයේ බලපෑමට ලක්වූ අවාසනාවන්ත යුගයක් පැවති බව සිහිපත් කළේය.

රටට නොගැළපෙන ව්‍යවස්ථාව් නිසා විනාශයට පත්වූ අවස්ථා දක්නට ලැබෙන බවත් විධායක ක්‍රමය පවතින දියුණු වන රටවල් 31 ක් පවතින බවත් ඒ රටවල් 31ම අසාර්ථක බව පර්යේෂණයක් මගින් හෙළිවී අැති බවත් සදහන් කළේය.

78 අාණ්ඩු ක්‍රම වයවස්ථාව ලියූ පුද්ගලයා ඉන් වසර දෙකකට පසුව කෘතියක් ලියමින් සදහන් කර අැත්තේ මෙම ක්‍රමය අවසාන වන්නේ ඒකාධිපතියෙකු බිහිවීමෙන් බවයි යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.