අළුයම් අභිරහසේ නීතිපති භූමිකාව

නීතිපතිවරයා
නීතිපතිවරයා

 

ජනාධිපතිවරන  ප්‍රතිපල  නිකුත් වෙමින්  පැවති අළුයම් හෝරාවේ නීතිපති යුවන්ජන විජේතිලකට පාන්දර  තුනට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් දුරකථන ඇමතුමක් ලැබීමෙන් අනතුරුව දිග හැරුණු සිද්ධි දාමයක් කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබේ.

සනාථ නොකළ මේ මාධ්‍ය   වාර්තාවට අනුව අළුයම් කාලය ළඟාවෙත්ම  පරාජය  නියත හිටපු ජනධිපතිවරයාට  දැනින.

පනාගොඩ  හමුදා කඳවුර සිට එලියට ගෙනෙන ලද හමුදා  සේනාංක කීපයක් කොළඹ ගණන් කිරීමේ මධ්‍යස්ථාන කීපයක් අවට රඳවන ලදි.

අගවිනිසුරු
අගවිනිසුරු

මහින්ද රාජපක්ෂ මහතා ගෙන් කැඳවීමක් ලද නීතිපතිවරයා සොලිසිටර් ජනරාල්වරිය වූ බිම්බා තිලකරත්නට කථා කළේ නීතිමය උපදෙස් ගැනීමට  අවශ්‍ය වෙතොත් ඇයට කථා කිරීමට අවශ්‍ය වෙන බව දැනුම් දීමටය.

ජනාධිපති මන්දිරයට පැමිණි නීතිපතිවරයාට සිටි පිරිස් අතරේ අගවිනිසුරු මොහාන් පීරිස් සහ  නීතී මහාචාර්යවරයෙක් වූ ජී .එල්. පීරිස්ද දැකගත හැකි විය.

පුරා විසි පස් වසරක සේවා අත්දැකීම් ඇති නීතිපතිවරයා වෙත ඊලඟට ඉදිරිපත් වූ යෝජනාව මවිතය  දනවන  සුළු විය.

එහි සිටි කණ්ඩායම කියා සිටීයේ  හමුදාවට  සහ පොලීසියට අණදීම සඳහාවූ ලිය කියවිලි  සකස් කර ගත යුතු බවයි.

නිශ්චිතව පිරිස ඔහුගෙන් විමසා  සිටීයේ ගණන් කිරීමේ මධ්‍යස්තාන වල  ඇතිවෙන කලබල හේතුවෙන් විධායකයට ඡන්ද ප්‍රතිපල අවලංගු කල හැකිද යන්නයි. එසේම මේ කලබල හේතුවෙන් හදිසි නීතිය පැනවිය හැකිදැයි ඔහුගෙන් විමසන ලදි.

downloadmjdf

මැතිවරණ කොමසාරිස්වරයාගේ බලය ඉක්මවා යමින් ඡන්ද ප්‍රතිපල අවලංගු කල හැකි නීතිමය ප්‍රතිපාදන නොමැති බව නීතිපතිවරයා හොදින් දැන් සිටියේය.එහෙත් මේ බව වහාම  වෙනත් කෙනකුට දැනුම් දීමේ අවශ්‍යතාවක් තිබු බව තේරුම් ගත් නීතිපතිවරයා කියා සිටීයේ තමන්ට මේ පිළබඳව සොලිසිටර් ජනරාල්වරිය ගෙන් උපදෙස් ලබා ගත යුතුව ඇති බවයි.

ඉතා දැඩි අවධානමක්

 

සොලිසිටර් ජෙනරාල්වරියට කථා කල නීතිපතිවරයා තමන් ඉදිරියේ සිටින පිරිස් ගැන විස්තර කොට ඇගේ නීති උපදෙස් විමසන විලාශයෙන් යෝජිත වැඩ පිළිවෙල පැහැදිලි කළේය.

සොලිසිටර් ජෙනරාරල්වරිය වැඩිදුර උපදෙස් සඳහා තවත් නීතී සගයෙකුට කතා කළාය.

මෙතැනන් තිබු කේන්ද්‍රීය ප්‍රශ්නය තිදෙනාටම මැනවින් වැටහුණි.මෙතැන  තිබුනේ නීත්‍යානුකුල  බව පිළිබඳව ගැටළුවකි.නීත්‍යානුකුල බවක් නොමැති වැඩ පිළිවෙලකට තමන්ව

ඈඳා ගන්නට  යන බව නීතිපතිවරයාටත් අනෙක් නීතිවෙදීන්ටත් වැටහී  ගියේය.අගවිනිසුරුවරයා එහි සිටීම තවත් ගැටළුවක් විය.විධායකය සහ  අධිකරණය යනු එකනෙකට ස්වාධීනව කටයුතු කරන ආයාතන විය යුතුය යන්න පිළිගත් විශ්වාසය විය.

ඉතා දැඩි අවධානමක් ගත් නීතිපතිවරයා සහ සොලිසිටර් ජෙනරාල්වරිය කියා සිටීයේ ලිය කියවිලි වල  නීත්‍යානුකුල බව පිළිබඳව තමන්ට සහතික විය නොහැකි බවයි.

කලම්බෝ ටෙලිග්‍රාෆ් වාර්තාව මහින් හෙළිදරව් කෙරෙන තොරතුරු පිළිබඳව දැනට කට උත්තර ගැනීම සිදුවෙමින් පවතී.මේ විමර්ශන ඉක්මනින් හමාර කිරීමට ජාතික විධායක

සභාවේදී තීරණය  වී ඇත.නැගෙන චෝදනා හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.ඇත්ත නැත්ත දැනගැනීමට  තව ටික කලක් ගත විය හැකිය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.