අළුයම් කුමන්ත්‍රනය ඇත්තක්- රාවය

 downloadtemple

ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් කරද්දී මහින්ද රාජපක්‍ෂ මහතාට අවාසි සහගත තත්ත්වයක් ඇතිවන බව පෙනීගියහොත්, වහාම රටේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශකොට මැතිවරණ කොමසාරිස්වරයා වෙත ප‍්‍රතිඵල නිකුත්කිරීම අත්හිටුවන ලෙස බලපෑම් කොට, හමුදාව විසින් රටේ වැදගත් ස්ථානවල පාලනය සියතට ගෙන මහින්ද රාජපක්‍ෂ මහතාට තවත් අවුරුදු දෙකක් ජනාධිපතිධුරයේ රැඳී සිටීමට අවස්ථාව සැලසීම සඳහා කරන ලද කුමන්ත‍්‍රණයක් තිබුණු බව දැන් පැහැදිලි වී ති ඇටහි රව පුවත් පත් කියා සිටී. .gajabaraa

 ගජබා රෙජිමේන්තුව

රාවයට දැනගන්නට ලැබී තිබෙන තොරතුරු අනුව, මේ හමුදාමය සැලැස්ම කි‍්‍රයාත්මක කොට ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙනි. සැලසුමට අනුව අවශ්‍ය අවස්ථාවේදී රටේ පාලනය අල්ලාගැනීමට ජනවාරි 8වැනිදා රාත‍්‍රිය වන විට ගෝඨාභය රාජපක්ෂ මීට පෙර සේවය කර ඇති ගජබා රෙජිමේන්තුවට අයත් හමුදා බැටෑලියන 10කට වැඩි ප‍්‍රමාණයක් කොළඹ හා වෙනත් ප‍්‍රදේශවල සූදානම් තත්ත්වයෙන් රඳවා තිබී ඇති අතර, මෝදර රොක්හවුස් කඳවුරෙහි ඇති යුදහමුදා සන්නාහ සන්නද්ධ රථද මාර්ගයට ගැනීමට සූදානම් ව තබන ලෙස දැනුම් දෙනු ලැබ ඇත. එලෙස සූදානම් කොට තබාගත් හමුදාව පිරිස් පිටතට ගෙන 8 වැනිදා රාත‍්‍රියේ සිට පැය 72ක කාලයක් ජනතාවට නිවෙස්වලින් එළියට බහින්නට නොදී හමුදා බලය තරකරගත හැකි නම්, මේ ක‍්‍රියාවලියට එරෙහි මහජන බලය යටපත්කරගත හැකි වන බවද කුමන්ත‍්‍රණකරුවන්ගේ මතය වී තිබේ. ඒ අතර අගවිනිසුරුවරයා ලවා ජනාධිපතිවරයාට තවත් වසර දෙකක් ධුරයේ සිටිය හැකි වන පරිදි අධිකරණ තීරණයක් ලබාගැනීමටද සූදානමක් තිබී ඇත.

මේ සැලසුම සාර්ථක කරගැනීම සඳහා වන සාකච්ඡුා දෙකක් ජනවාරි 7 වැනිදා සහ 8 වැනිදා කොළඹ ප‍්‍රධාන පෙළේ හමුදා නිලධාරී කාර්යාල දෙකකදී පවත්වා ඇති අතර, සැලසුමට සම්බන්ධ හමුදා නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ද ඊට සහභාගිවී තිබේ.

 downloa-post

 කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව 

ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂගේ වාසිය සඳහා වන පත‍්‍රිකා ලක්‍ෂ දෙකක් යුද හමුදාව විසින් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා හමුදා සෙබළුන්ගේ නිවෙස් වෙත තැපැල් කිරීමේ යෙදී සිටින බවට ‘රාවය’ වාර්තා කළේ ඉකුත් දෙසැම්බර් 28වැනිදාය. දෙසැම්බර් 24 හා 25 දිනවල හමුදා සෙබළුන් විශාල පිරිසක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණ ඒවාට මුද්දර ඇලවීමේ හා යන්ත‍්‍රානුසාරයෙන් මුද්දර මුද්‍රණය කිරීමේ යෙදී සිටින බවත් එක් ලිපියක බර අනුව රුපියල් 25ක මුද්දර එහි ඇලවිය යුතු බවත්, එම මුදල සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්‍ෂ 50ක් ඒ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බවත් තවදුරටත් වාර්තාවේ සඳහන් විය. ‘සැබෑ සාමයෙන් පසු අපේ රණවිරුවෝ’ නමින් යුත් පිටු 14කින් සමන්විත එම පත‍්‍රිකාව (පොත් පිංචකි) කියවන්නකුට දැනෙන්නේ එය මුළුමනින්ම මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණයේදී ඡුන්දය දෙන ලෙස කරන නිර්ලජ්ජිත ඉල්ලීමක් බවය. මැතිවරණ සමයකදී රජයේ හමුදාවකට එවැනි දෙයක් කිරීමට නීතියෙන් කිසිදු ඉඩක් නැත. මේ පොත් පිංච මැතිවරණ නීතිය කඩකරමින් තැපැල් කරමින් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයාට ආරංචි වීමෙන් පසු ඔහු මැදිහත්වී තැපැල් කිරීම අත්හිටුවනු ලැබිණි. එහෙත් හමුදාව ඉන් පසුබෑවේ නැත. ඔවුහු කළෝ, එම ලිපි උපතැපැල් කාර්යාල මට්ටමෙන් කුඩා ප‍්‍රමාණයන්ගෙන් තැපැල් කිරීමය. තවත් කොටසක් හමුදා වාහන යොදවා බෙදාහරින ලදි. ඒ ගැනද ආරංචිවී මැතිවරණ කොමසාරිස්වරයා නැවතත් බෙදාහැරීම වැළැක්වූ නමුත් කිසියම් කොටසක් බෙදාහරින ලදි. මහින්ද රාජපක්‍ෂට අමු අමුවේ කඬේ ගිය, ආණ්ඩුවේ බදුමුදලින් මුද්‍රණය කොට පත‍්‍රිකා බෙදාහැරීමේ නිර්ලජ්ජිත මෙහෙයුම පිටුපස සිටියේ මීට පෙර හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලෙසද කටයුතු කළ යුදහමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් ප‍්‍රසාද් සමරසිංහ, බි‍්‍රගේඩියර් ප‍්‍රසාද් දෙමටන්පිටිය, බි‍්‍රගේඩියර් රසික කරුණාතිලක හා ලෙෆ්ටිනන්ට් කර්නල් අජිත් වික‍්‍රමසේකර යන අයය. ඔවුහු මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජය ග‍්‍රහණය කරවීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට කැපවී සිටි අය වෙති.

dayar

 යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක 

මේ ලිපි මෙහෙයුමට අමතරව පූර්ව ජනාධිපතිවරණ සමයේදී හමුදාවේ ඉහළ නිලධාරීහු විශාල පිරිසක් සෘජුවම මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට එක්ව සිටියහ. ඉන් පළමු තැන හිමිවන්නේ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායකටය. ඔහු හමුදා සෙබළුන් අමතන රැුස්වීම් පවත්වමින් (troop addressing) ජනාධිපතිවරණ සමයේදී හමුදා කඳවුරු රාශියක සංචාරය කළ අතර, මහින්ද යුද්ධය ජයග‍්‍රහණය කළ ආකාරයත්, ඉන්පසු හමුදා සෙබළුන්ට හොඳින් සැලකූ ආකාරයත් කියා ඇති ඔහු අවසානයේ කියා ඇත්තේ ඒ ජයග‍්‍රහණ රැුකගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ යළි ජයග‍්‍රහණය කරවිය යුතු බවය.

 අළුයම් හමුදා කුමන්ත‍්‍රණය

ජනාධිපතිවරණය ආශ‍්‍රිත හමුදා මැදිහත්වීම උච්චතම හා භයානකම අවස්ථාවට පත්වන්නේ ජනාධිපති වරණයෙන් පසු හමුදාව යොදවා මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ තබාගැනීම සඳහා දියත්කැරෙන කුමන්ත‍්‍රණයත් සමඟය.

රාවයට වාර්තා වන අන්දමට මේ වැඩපිළිවෙල පසුපස සිටි ප‍්‍රධානීන් වන්නේ ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එස්. පෙරේරා හා මේජර් ජෙනරාල් පී. සමරසිංහය. වැඩසටහනේ තිර පිටපත ගෝඨාභය රාජපක්‍ෂගේය. එය හැඳින්විය හැක්කේ ‘පැය 72 මෙහෙයුම’ හැටියටය.

පැය 72 මෙහෙයුම

මෙහෙයුමේ වැඩ පිළිවෙල අනුව, ජනාධිපතිවරණය පැවැත්වුණු 8වැනිදා රාත‍්‍රිය වන විට කොළඹ හා රට පුරා ඉතා වැදගත් ස්ථානවල හා ඒ ආශි‍්‍රතව හමුදා ඛණ්ඩ ‘ස්ටෑන්ඞ්බයි’ රැුඳවිය යුතුය. රූපවාහිනී විකාශන කුලූනු, රජයේ රූපවාහිනී ආයතන, දුරකතන සේවා ආයතන වැනි විශේෂ ස්ථාන ඒ අතර විය. ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල මහින්ද රාජපක්‍ෂට අවාසි සහගත වන්නේ නම්, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් කෙරෙමින් පවතින ප‍්‍රතිඵල නිකුත්කිරීම බලය යොදා නැවැත්විය යුතු අතර, එවකටත් ධුරයේ සිටින රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් රට පුරා හදිසි නීතිය පැනවිය යුතුය. ඉන්පසු රඳවා තැබුණු හමුදා ඛණ්ඩ මහාමාර්ගයට හා අනෙකුත් වැදගත් ස්ථානවලට පැමිණෙන අතර ඒවායේ බලය අල්ලාගත යුතුය.

begnamu

  බෙංගමුවේ නාලක හිමියන්

මෛත‍්‍රීපාල සිරිසේන මහතාට වාසිසහගත වන පරිදි නිකුත් වෙමින් පවතින ප‍්‍රතිඵල නැවැත්වුවහොත් ඇතිවිය හැකි මහජන නැගිටීම බලය යොදා මැඬපැවැත්වීම කුමන්ත‍්‍රණ කරුවන්ගේ බලාපොරොත්තුව විය. පැය 72ක කාලයක් එක දිගට කොළඹ හා රට පුරා ජනතාව එක් රොක් වීම නවතාගෙන සිටියහොත් ජනතා බලය හා උණුසුම දිය වී යනු ඇති අතර ඉන්පසු හමුදාවේ සහාය ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් ජනාධිපති ධුරයේ තබාගත හැකිය යන්න කුමන්ත‍්‍රණකරුවන්ගේ තක් සේරුව වී තිබුණි. තවදුරටත් ධුරයේ රැුඳීසිටීම ගැන නීත්‍යනුකූල පසුබිමක් ඇතිකිරීම සඳහා වහාම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට නියමිතව තිබුණු අතර, රාජපක්‍ෂ මහතාට හිතවත් අගවිනිසුරුවරයා අතින්, තවත් අවුරුදු දෙකක කාලයක් රාජපක්‍ෂ මහතාට බලයේ සිටිය හැකි බවට මතයක් ප‍්‍රකාශ කරවා ගන්නට නියමිතව තිබිණි. (තවත් අවුරුදු දෙකක් ජනාධිපතිවරයාට ධුරයේ සිටිය හැකි බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ බෙංගමුවේ නාලක හිමියන් ලවා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකොට පෙර සූදානමක් ලෙස තබාගත නොහැකිවීම සම්බන්ධයෙන් කුමන්ත‍්‍රණයේ සැලසුම්කරුවන් කනගාටුවට පත්ව තිබුණු බවද වාර්තා වෙයි. එම අතපසුවීම නොවී නම්, නාලක හිමියන් විසින් පවරන ලද නඩුවේ තීරණය පහසුවෙන්ම ජනවාරි 9වැනිදා නිකුත්කරවා ගත හැකිව තිබුණු බව ඔවුන්ගේ මතය වී තිබිණි.)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.