ආජන්ටිනාවේ ඔරං උටං ට අධිකරණයෙන් අයිතිවාසිකම් 

orangutang

ලෝකයේ ප්‍රථම වතාවට මානවයකු නොවන සත්ත්වයකුට ජීවත්වීමේ අයිතිවාසිකම් මෙන්ම ස්වාධීනත්වය සහ හිංසාවෙන් නිදහස ප්‍රදානය කෙරේ. මෙම ඓතිහාසික තීන්දුව දී ඇත්තේ ආජන්ටිනාවේ අභියාචනා අධිකරණයකිනි. ප්‍රදානය හිමි වී ඇත්තේ ගැහැනු ඔරං උටං සතෙකුටය. ඇගේ වාසස්ථානය බුවනෝස් අයර්ස් නුවර සත්ව උද්‍යානයකි. නමින් සැන්ඩ්‍රා වන මේ ගැහැනු සතා 1986 දී උපත ලබා ඇත්තේ, ජර්මනියේදීය. මිනිස් භා‍රයේ සිටියදී උපත ලැබූ ‘ඇය” ඔරං උටං විශේෂ දෙකක එනම් බෝනියෝ හා සුමත්‍රා ඔරං උටං විශේෂ දෙකකට දාව උපන් දෙමුහුන් සතෙකි.

සැන්ඩ්‍රාට නිදහස ලබාදීම සඳහා නෛතික ක්‍රියාදාමය ආරම්භ වූයේ පසුගිය වසරේ නොවැම්බර් දී ය. ඒ ආජන්ටිනාවේ පහළ අධිකරණයක් වෙත රාජ්‍ය නොවන සංවිධානයක් ඉදිරිපත් කළ හබයාස් කෝපස් නඩුවක් සමගිනි. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු අතර පසුව අභියාචනා අධිකරණය හමුවේ එය විභාගයට ගැනිණි. (මෙයට පෙර ආජන්ටිනාවේ පළාත් හතරක සත්ව උද්‍යානවල සිටින ප්‍රිමාටේස් සතුන්  සංසේචනයේ නීති ක්‍රියාමාර්ග සඳහා ‍යොමු විණ. ) 2005 වසරේ දී බ්‍රසීලයේ සැන් සැල්වදොරයේ සත්ව උද්‍යානයක විසූ සුයිචා නම් චිම්පන්සියකු  නිදහස් කරන්නැයි නඩුවක් පවරනු ලැබුවත් නඩුව සම්පූර්ණයෙන් විභාග කර අවසන් කිරීමට පෙර චිම්පන්සියා මරු මුවට පත් විය. ඇමරිකා එක්සත් ජනපදයේ(වහල්කම් හා දාසකම අවලංගු කෙරුණු)  13 ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාර මිනීමරු තල්මසුන් නිදහස ලබාදීම සඳහා  සතුන්ට සදාචාර සම්පන්නව  සැලකීමේ ජනතාව නම් සංවිධානය ඇමරිකා එක්සත් ජනපදයේ දී 2012 දැරූ උත්සාහයක් ද ව්‍යාර්ථ විය. 2013 දී මානව නොවන අයිතිවාසිකම් ව්‍යාපෘතිය මගින් නිව්යෝක් ජනපදයේ චිම්පන්සි සිව්දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග තුනකට මුල පිරීය. මේවා මුලදී ප්‍රතික්ෂේප කරනු ලැබූවද දැන් ආභියාචනා ඉදිරිපත් කොට ඇත. ‘අප උත්සාහ කරන්නේ, සිරගත කොට ඇති මානව නොවන සත්ත්වයන් ඔවුන්ගේ ස්වාභාවික පරිසරයට මුදා හැරීමට’යි ව්‍යාපෘතියේ සභාපති ස්ටීවන් වයිස් කියා සිටී.

සිරගත කොට නිහඬව සිටීමෙන්

සතුන්ට නිදහස ලබාදීම සඳහා දරනු ලබන උත්සාහයන් තීව්‍ර වී ඇත්තේ අග්‍රේෂයන් හෙවත් ප්‍රිමාවේස් සතුන් පිළිබඳව වසර 40ක් තිස්සේ සිදුකෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල වශයෙනි. මේ සඳහා ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියාකරන විද්‍යාඥයන්ගේ ප්‍රයත්න, මහා වානරයන් පුරවැසියන් හා සමානත්වයේ තැබීමට උපකාරී වී ඇතැයි බුවනොස් අයර්ස් සරසවියේ ප්‍රිමාටේස් අධ්‍යාපන විද්‍යාඥයකු වන ඇල්ඩෝ ගියුඩයිස් පෙන්වා දෙයි. ‘අද මේ මහා වානරයන් සත්ව උද්‍යානවල සිරකර තබා සිටින විට සිහියට නැගෙන්නේ 19 වැනි  සියවසේ දී පැරිස් අගනුවර පැවති ලෝක ප්‍රදර්ශනවලදී ලෝකයේ වෙනත් රටවල වැසියන් (මානවයන්) කූඩුවල ප්‍රදර්ශනය කළ ආකාරය යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි. ‘මහා වානරයන් ද විචාර ශක්තියෙන්,ස්වයං සංවිත්තියෙන් (self-consciousness) හා පුද්ගලභාවයෙන් යුතු ඉන්ද්‍රීය සම්ප‍්‍රජානනයෙන්  (sentient) සමන්විත අයවලුන් බව විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිවෙනවා. එනිසා ඔවුන්ගේ සිරගත කොට නිහඬව සිටීමෙන් ඊට පංගුකාරයන්වීමට අපට හැකියාවක් නැතැ’යි ඇල්ඩෝ ගියුඩයිස් අවධාරණය කරයි.

සැන්ඩ්‍රා සම්බන්ධයෙන් ආජන්ටිනාවේ ඉහළ අධිකරණය නිකුත් කළ ආඥාවත් සමග තවත් අධිකරණ ක්‍රියාමාර්ගයකට මඟ පෑදෙයි. ඒ, මේ ඔරං උටං ‘කාන්තාව’ සඳහා සත්ව උද්‍යානයක කුඩුවකින් බැහැර නිවහනක්‍ සොයා දීමයි. සැන්ඩ්‍රාට අභය භුමියක් හෝ වෙනත් නිවහනක් සපයාදීම පිණිස ආජන්ටිනාවේ අධිකරණ පද්ධතිය දැන් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් රැස්කරවීමට නියමිතය.

Scientific American හි Argentina Grants an Orangutan Human-Like Rights  වාර්තාව ඇසුරෙනි.-තතු.com

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.