ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කථා බහ කර ඇරියේ මහ නා හිමිවරු

BMICH - Bandaranaike Memorial International Conference Hallනව සකස් කිරිම සම්බන්ධයෙන් පැවැති සම්මන්ත්‍රණයට අස්ගිරි – මල්වතු පාර්ශව ප්‍රධාන ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ට ආරාධනා කළත් උන්වහන්සේලා ඊට සහභගි නොවු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව නිවේදනය කරයි.

ඊට සහභාගි වන ලෙස උන්වහන්සේලාට ආරධනා කළ අවස්ථාවේ නොයෙක් හේතු දක්වමින් ඊට සහභාගි විය නොහැකි බව දැනුම් දුන් බවත් මල්වතු පාර්ශවය නියෝජනය කරමින් පුජ්‍ය වැලිවිට සෝරත හිමියන් සම්මන්ත්‍රණයට වැඩම කොට එය අවසන් වන තෙක් රැදි සිටි බවද එම නිවේදනයේ දැක්වේ.

2017 ජුනි මස 28 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්මන්ත්‍රණයට මහා සංඝ රත්නයට ආරාධනා නොකළ බවට පළ වූ පුවත් සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටු ලේකම් නිල් ඉද්දවෙල මහාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

අදාළ සම්මන්ත්‍රණයට මහනායක ස්වාමින්වහන්සේලාට සහභාගී විමට ඇති හැකියාව පිළිබඳ, මහානායක හිමිවරුන්ගේ කාර්යාලයෙන් අමතා විමසන ලදි. මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන්ගේ කාර්යාලය විසින් ඒ වන විට අදාළ දිනට යොදා ගත් විශේෂ රාජකාරියක් නොමැති බවත්, එම නිසා උන්වහන්සේට මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට හැකියාවක් පවතින බවත් දැනුම් දෙන ලදි.

අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ කාර්යාලය විසින් අදාළ දිනයට නානුමුර මංගල්‍යය පැවැත්වීමට නියමිතව ඇති බැවින් උන්වහන්සේට සම්මන්ත්‍රණයට වැඩම කිරිමේ හැකියාවක් නොමැති බව දැනුම් දෙන ලදි.

රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින්වහන්සේ එදිනට මියැන්මාරයට වැඩම කිරිමට නියමිතව ඇති බැවින් නිකාය නියෝජනය කරමින් වෙනත් ස්වාමින් වහන්සේ නමක් නම් කළ හැකි බවද උන්වහන්සේගේ කාර්යාලයෙන් දැනුම් දෙන ලදි.

අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් විසින් 2017 ජුනි මස 28 වන දින සම්මන්ත්‍රණයේ කුමන හෝ වේලාවකදි වැඩම කිමෙට උත්සාහ දරන බවට දැනුම් දෙන ලදි. අමරපුර නිකායේ මහනායක ස්වාමින්වහන්සේ හට නිවිතිගල ප්‍රදේශයේ නායක ස්වාමින්වහන්සේ නමකගේ අපවත්විමක් නිසා සම්මන්ත්‍රණයට සහභාගි විය නොහැකි බව 2017- ජුනි මස 27 දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මහලේකම් කාර්යාලයට දැනුම් දෙනලදි.

ඊට අමතරව රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් වෙනුවෙන් රාමඤ්ඤ නිකාය නියෝජනය කරමින් පුජ්‍ය මැදගමුවේ විජය මෛත්‍රි ස්වාමින්වහන්සේ ඊට සම්බන්ධ කර ගැනිම සඳහා අවශ්‍ය විස්තර පුජ්‍ය මාතලේ ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේ විසින් ලබා දුනි. උන්වහන්සේ ඊට සහභාගිවීමට උත්සාහ දරන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මහලේකම් කාර්යාලයට දැනුම් දෙන ලදි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.