ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාදයි – රනිල් හෙළිදරව් වෙයි

Ranil Wickramasingheයෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පසුගියදා කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ ව්‍යවස්ථාව සම්පාදනය සඳහා පත්කළ මෙහෙයුම් කමිටුවට ඉතාමත් සංකීර්ණ කටයුත්තක් පැවරී ඇති බවයි.

හදිසියේ එම කාර්යය කළ නොහැකි බැවින් අලුත් ව්‍යවස්ථාව හඳුන්වා දීම මේ වසර අග භාගයේදී සිදුකිරීමට සිදුවන බව සභාවට පැහැදිලි කළේය. විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය ආදිය ගැන ප්‍රධාන පක්ෂවල විවිධ මත ඇති බැවින් ඒ ගැන පොදු එකඟතාවයකට එනතෙක් ව්‍යවස්ථාව පමාවනු ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දිගින් දිගට කල් දමා මීළඟ මැතිවරණයේදී ඒ වෙනුවෙන් ජනා වරමක් ඉල්ලා සිටීම රනිල් වික්‍රමසිංහ ගේ උපක්‍රමය විය හැකි බව පෙනෙන්නට තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.