ආණ්ඩුවට ආර්ථික දැක්මක් නැහැ.- සරත් ෆොන්සේකා.

sf
ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (16) කැකිරාව ප්‍රදේශයේ පැවැති ජන හමුවක දී ප්‍රකාශ කළේ පසුගිය මාස 06 තුළ දී ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩනැගීමට සැලැස්මක් ඉදිරිපත් නොකළ බවත් මේ වන විට රටේ ආර්ථිකය පරිහානියට පත්ව ඇති බවත් ය.

දේශපාලඥයින්ට හිස නොනමා ආත්ම ගරුත්වයෙන් යුතුව ජිවත්විය හැකි රටක් ගොඩනැගීමට තම පක්ෂය කැප වන බව ද දූෂිත පුද්ගලයින්ට යළි පාලන බලය හිමිකර ගැනීමට ඉඩ ලබා නොදිය යුතු බව ද සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.