ආණ්ඩුවට තර්ජනයක්:වරාය නගර ව්‍යාපෘතිය ජවිපෙන් නතර කරනවා

 

download (89)

කොළඹ නගරයේ මුහුද ගොඩකර ඉදිකිරීමට යන වරාය නගර (පෝට්‌ සිටි) ව්‍යාපෘතිය නතර කිරීමට රජය පියවර නොගතහොත් එය ජනතා විමුක්‌ති පෙරමුණ විසින් නතර කිරීමට කටයුතු කරන බවට සහතික වන්නේ යෑයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

මෙම ව්‍යාපෘතිය මගින් අනාගත පරපුරට විශාල හානියක්‌ සිදුවන බවත් මුහුද ගොඩකිරීමට අවශ්‍ය කලුගල් කියුබ් කෝටි 12 ක්‌ මෙරටින් සොයා ගන්නේ කෙසේදැයි පරිසර වාර්තාවක්‌ පවා ලබා ගෙන නැති බවත් ඔහු පැවසීය. මෙරට කුඹුරක්‌ ගොඩ කිරීමට පවා පරිසර වාර්තා ගත යුතුව තිබුණද චීන රජය විසින් සතයක්‌ වත් නොගෙවා කොළඹ දූපතක්‌ හදා ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

 වහාම නවතා දැමිය යුතු බව

මහින්ද රාජපක්‍ෂ මහතා කළ විනාශකාරී ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නම් ජනතාව නව ආණ්‌ඩුවක්‌ පත් කර ගත්තේ කුමටදැයි විමසා සිටි ජවිපෙ නායකයා මෙම වරාය නගරය ඉදිකිරීම වහාම නවතා දැමිය යුතු බවද කියා සිටියේය. අනුරාධපුරයේදී පැවැති ජනහමුවකට සහභාගිවෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

රාජිත සේනාරත්න

රාජිත සේනාරත්න කියා සිටින්නේ මෙම වැඩපිළිවෙල නතර කරන බව රනිල් වික්‍රමසිංහ මහතා කී බව තමන්නොදන්නා බවත් ඒ ගැන දැන් ගැනීමට අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ

හමුවු විට අවශ්‍ය නම් ඒ ගැන දැනගන්නා ලෙසයි.මෙසේ කථා කිරීම හෙළා දැකිය යුතු අතර කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාද  මධ්‍යවේදීන්ට මෙසේ කතා කරන්නට පටන් ගත බව මතක තබා ගත යුතුය.

 

[vsw id=”/Oj-uAPyJEhw” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

jvp will stop Colombo port city if government does not .

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.