ආණ්ඩුවෙන් ඉවත් වෙන්න හදන පිරිස තවමත් අතීරනේ

daughtඅප වෙබ් අඩවිය විසින් මීට පෙර ප‍්‍රකාශ කල පරිදින ආණ්ඩුවෙන් ඉවත් වීමට උත්සාහ කරන ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයින්හට තවමත් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වී ඇත. මේ දේශපාලඥ්ඥයන් පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරාගේ අනුග‍්‍රහයෙන් පැවැත්වූ රැස්වීමකට එක්වූහ.

එම රැස්වීමට දුලිප් විජේසේකර, දුෂ්මන්ත මිත‍්‍රපාල, නිමල් ලංසා, අරුන්ධික ප‍්‍රනාන්දු, සුසන්ත පුංචිනිලමේ, පි‍්‍රයංකර ජයරත්න සහ අනුරාධ ජයරත්න සහභාගී වී ඇත. මේ රැස්වීම පැවැත්වෙන අතර වාරයේ අනුර පි‍්‍රයදර්ශන යාපා ඇමතිවරයාට ආරධනා කොට ඇතත් ඔහු පවසා ඇත්තේ ඔහුට මෙම අවන්හලට පැමිණි නොහැකි නමුත් තමන්ගේ නිවසට පැමිණිය හොත් මේ පිරිස හමුවිය හැකි බවයි. ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක වෙසෙන නිවසට එහා වෙසෙන අනුර යාපාගේ නිවසට ගොඩ වූ මේ පිරිස සම්මුතිවාදී ආණ්ඩුව තුල තමන්ට අත්වී ඇති ඉරණම ගැන දිගින් දිගටම කතා කලහ.

එකසත් ජාතික නිදහස් සංධානය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරුන් ලෙස කටයුතු කල අනුර යාපාට හා සුසිල් පේ‍්‍රමජයන්තට තමන්ගේ තනතුරු අත්හැරීමට සිදුවී ඇති ආකාරයත් ඔවුන් කතා කලහ. අරුන්ධික ප‍්‍රනාන්දු කියා සිටියේ කෙලින්ම මේ ගැන ජනාධිපතිවරයාට කරුණු දැක්විය යුතු බවත් ඉවත් වීමට බලපාන හේතු පිළිබඳව ජනාධිපතිවරයාට දන්වා රටට දැනුම් දිය යුතු බවය. එහෙත් මේ සඳහා වැඩි දෙනාගේ එකඟත්වයක් නොවූයෙන් සාකච්ජාව යලිත් කල් ගියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.