ආණ්ඩුවේ මාධ්‍යයට තවත් පරාජයක්-ජනපති ජනහමු ඇපෑල ඉවත

 

Rupavahinidownload (35)

 

 

ජනපති ජනහමුව හෝ ඒ සමාන වැඩසටහන් තහනම් කරමින් කඩුවෙල දිසා අධිකරණයෙන් පැනවූ වාරණය ඉවත් කරන්නැයි අයිටීඑන්, රූපවාහිනී හා ස්වර්ණවාහිනී ආයතන ගොනු කළ පෙත්සම අභියාචනා මහාධිකරණය අද ඉවත දැමීමත් සමගම ආණ්ඩුවේ මාධ්‍යය සහ ස්වර්ණවාහිනිය තවත් පරාජයකට මුහුණ දී ඇත.

 

රාජ්‍ය මාධ්‍ය ඉත බරපතල ලෙස සමබර බව පිලිබඳ මුලධර්ම නොතාකා කටයුතු කිරීමේ හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ  අයිතිය බරපතල ලෙස කඩවෙන බවත් මෙම නඩු තීන්දුව ඡන්දදායකයාට සාධාරණය ඉටුකරන්නක් බව මාධ්‍ය විචාරකයින් පෙන්වා දෙති.

ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ නීතීඥවරු කඩුවෙල දිස්ත්‍රික් උසාවියෙන් එම වාරණය ලබා ගත්හ.

සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා, සුරේන් ප්‍රනාන්දු හා නලීන් අමරජීව මහත්වරුන් ඇපැල් උසාවියට කරුණු දක්වමින් මූලික විරෝධතාවයක් ගොනු කළහ.

ඔවුන් කියා සිටියේ වගඋත්තරකරුවන් මුලින්ම දිස්ත්‍රික් උසාවියට සිය ඇපෑල ඉදිරිපත් කළ යුතුව තිබූ බවයි.

කඩුවෙල දිසා අධිකරණයේ වාරණ තීන්දුව ඉදිරිපත් කිරීමට ද ඔවුන් අපොහොසත් වී ඇතැයි ද ඔවුහු කීහ.

වැඩිදුර විභාගය ජයවාරි 12 වැනි දාට කල් තැබිණි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.