ආණ්ඩුවේ මාධ්‍ය කෙණහිලි -මෛත්‍රීපාල සිරිසේන

media-freedom
ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරකින යෝජනා තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයට ඉදිරිපත් කර ජනවාරි අට වැනිදා ජයග්‍රහණයෙන් පසු එය ක්‍රියාත්ම කරන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේ පැවැති ජනමාධ්‍ය සමුළුවේ දී  කියා සිටියේය.
ආණ්ඩුවේ මාධ්‍ය තමන්ට කෙණහිලි කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස, නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස, කැබිනට් ඇමැතිවරයකු ලෙස මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස දීර්ඝ කාලයක් මා දේශපාලනයේ හිටියා. මා ඔබෙන් අහනවා ඒ දීර්ඝ කාලයේ දී මගෙන් ඔබට මොනයම් හෝ බලපෑම් වුණාද කියා? මං කිසි දිනක මාධ්‍යට බලපෑම් කරන්නේ නෑ. මාධ්‍යවේදීන්ට අඩත්තේට්ටම් කරන්නේ නෑ.
මා පොදු අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කර දින කිහිපයකින් සිරස නාලිකාවේ විකාශය වූ සටන වැඩසටහන නරඹන එක අවහිර කළා. මාතර තිබුණු අපේ රැලියේ ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් කපා තිබුණා. අද රජයේ මාධ්‍ය ආයතන  මගේ සම්පූර්ණ නම කියන්නෙත් නෑ. මට අපහාස වන අයුරින් නමේ කොටසයි කියන්නේ. මගේ ප්‍රචාරක දැන්වීමක් රජයේ මාධ්‍යයට දුන්නම දවස් දෙකක් පහුවෙලයි දාන්නේ. ඒ ඒකට පිළිතුරත් හදලා දැම්මට පස්සෙයි දාන්නේ. රාජ්‍යමාධ්‍යවල ඉන්න සමහර මාධ්‍යවේදීන් අද අසරණ වෙලා. මා බලයට පත් වූ පසු මාධ්‍යවේදීන්ට කිසිම බලපෑමකින් තොරව තොරතුරු වාර්තා කිරීමේ වටපිටාව සකසා දෙනවා.‘ යැයි  මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.