ආණ්ඩුව ගීතාට ට්‍රයි – හැලපත් කයි

Geetha Kumarasingheපාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියට ආණ්ඩුව ඒකවන ලෙසත් ආරධනාවක් ලැබී ඇතැයි වාර්තා වෙයි. එසේ ආණ්ඩුවට එක් වන්නේ නම් දැනට ඇති ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධ ගැටළුවෙන්ද නිදහස් කර නියෝජ්‍ය ඇමති ධුරයක්ද ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද සදහන්ය.

මේ මොහොතේ ආණ්ඩුව ගීතාට කිට්ටු කරන්නේ ඇයිද යන්න පැහැදිලි නැත. ගීතා කුමාරසිංහ මහත්මිය විසින් මේ ආරාධනාව ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායමේ මන්ත‍්‍රී කණ්ඩායම ඉදිරියේදීද පවසා ඇත.

මට මගේ ජනතාව වටිනවා. මම ඉන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වය තියෙන තැන. ජනතාව ඉන්නෙත් එතැන. මටත් හැලප කන්න දීලා තනතුරක් දෙන්න කතා කෙරුවා. ඒත් මටමගේ ජනතාවත්, මහින්ද මහත්තයාගේ නායකත්වයත් ඒ තනතුරු වලට වඩා වටිනවා.

අද මේ රටේ 90%ක් ජනතාව ආදරය කරන්නේත්, ඉල්ලන්නේත්, මහින්ද මහත්තයාවයි. මහින්ද මහත්තයා ජනාධිපති කරවන සටනට දායක වන හැම කෙනෙක්ම මේ රටේ වීරයෙක්, නැත්නම් වීරවරියක් වෙනවා” යැයි ගාලු දිසා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය බෙන්තොටදී පැවසුවාය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.