ආණ්ඩුව ජාතිවාදය වපුරමින් යළි බලය දිනා ගැනීමේ උත්සාහයක -මාදුළුවාවේ සෝභිත නා හිමියන්

soobithaaa

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දීම පිණිස වෘත්තීය සමිති නියෝජිත සමුළුවක් අමතමින්  සාධාරණ සමාජයක් සඳහා වන සංවිධානයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන් කියා සිටියේ තමන්ට එල්ල වී ඇති දේශපාලන අභියෝගය හමුවේ ආණ්ඩුව ජාතිවාදය වපුරමින් යළි බලය දිනා ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවයි.

 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ අද (ජනවාරි 02)පැවැත්වු මෙම සමුළුවේදී උන්වහන්සේ කියා සිටීයේ  ශ්‍රී ලංකා සමාජයේ සිංහල දෙමළ මුස්ලිම් ජන කොටස් අතර යළි වෛරය අවුළුවා ලීමේ නරක ප්‍රතිවිපාක සහිත ක්‍රියාවක් වන බවයි. .

‘අපේ ඉලක්කය මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති පුටුවෙන් ඉවත් කර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඒ පුටුවේ වැජඹවීම නොවෙයි. මේක අලුත් ගමනක්. එය විප්ලවයක්. මේ රටට විප්ලවීය වෙනසක් අවශ්‍යයි. ’යැයි සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

කම්කරු නියෝජිතයන් අමතා කතා කළ ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක හිටපු ඇමතිවරයා කියා සිටියේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ ඒකීය භාවය පිළිබඳව අද කතා කළත් ඔහු චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ ‘ඒකීය භාවය’ සම්බන්ධයෙන් එකම එක වචනයක්වත් කතා නොකළ බවයි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.