ආනයනික සහල්වල බදු අඩු වෙයි…………

paddy-seedsනියඟය හේතුවෙන් ඉහළ ගිය, සහල් මිල හමුවේ දුෂ්කරතාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික සහල් වෙනුවෙන් මෙතෙක් පනවා ඇති බදු අඩු කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව සහල් කිලෝ ග්‍රෑම් එකක් ආනයනය කිරීමේදී පනවා තිබූ රුපියල් 50/-ක් වූ රේගු බද්ද (CID) 15%ක් වූ එකතු කළ අගය මත බද්ද (VAT) 7.5%ක මට්ටමේ පැවැති වරාය හා ගුවන්තොටුපොළ බද්ද (PAL) සහ 2%ක් වූ ජාතික ගොඩනැගීමේ බද්ද (NBT) ඉවත් කිරීමට තීරණය විය. මෙම සියලු බදු වෙනුවට ආනයනික සහල් කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 15ක් වූ අඩු ප්‍රමාණයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් (SCL) අය කරනු ඇත.

ඊයේ (06) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී රැස්වූ ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව මෙම තීරණයට එළඹිණි. මුදල් අමාත්‍ය රවී කරුණානායක, විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අනුකාරක සභාව රැස් විය. වෙළෙඳපොළේ පවතින සහල් මිල සම්බන්ධයෙන් මෙහි දී පුළුල් සාකච්ඡාවකට බඳුන් විය. මෙසේ බදු ඉවත් කරන සහල් වර්ග වන්නේ, සම්බා, නාඩු සහ රතු කැකුළු වේ. බාස්මතී සහල් වෙනුවෙන් මෙම සහනය හිමි නොවේ.

ජීවන වියදම් පහත හෙලීමේ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව මෙම තීරණය ගනු ලැබුවේ දැනට දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති සහල් මිල හමුවේ පීඩාවට පවත්වන ජනතාවට සහන සැලසීමේ පියවරක් වශයෙනි. එසේ ම අනවශ්‍ය ලෙස සහල්තොග රඳවාගෙන ඉහළ මිලට අලෙවි කළ කූට වෙළෙඳුන්ගේ ක්‍රියා කලාපයන්ට ප්‍රතිචාර වශයෙන් රජය මෙම තීරණය ගෙන තිබේ.

(දිනමිණ)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.