ආපසු කැඳවන 27 ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

Eu-flag-vector-material2
 විදෙස් සේවයේ 27දෙනා  ගේ ලැයිස්තුව

දේශපාලන පත්වීම් ලැබ  රටවල් 27ක සේවය කරන තානාපතිවරුන් ඇතුළු තානාපති අංශ ප්‍රධානීන් 27 දෙනකු වහාම ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ ලැයිස්තුවේ සිටින සමහරක් දෙනා ඉතා සක්‍රීයව ශ්‍රී ලංකාවට  පැමිණ මැතිවරණ සමයේ රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් වැඩ කළහ.

ශ්‍රී ලංකා විදේශ සේවය දැඩි ලෙස දේශපාලනීකරණය වීම නිසා ඇතම් අවස්ථාවලදී රටට පාඩු වූ  අතර  ජාත්‍යන්තර  සහයෝගය  ලබා ගැනීම දුෂ්කර වූ අවස්ථා වාර්තා වී ඇත.

දේශපාලන  පත්වීම් ප්‍රමාණය අධික ලෙස  ඉහළ යෑම හේතුවෙන් විදේශ සේවය තුල දැඩි අසහනයක් ඇතිවී තිබේ

මේ අනුව ජනවාරි 29 වැනිදා වනවිට පහත සඳහන් තානාපතිවරුන් හා තානාපති අංශ ප්‍රධානීන් හට නැවත මෙරටට පැමිණෙන ලෙස දන්වා යවා තිබේ.

  1. ශා නවාස් මරික්කාර් බාවා(ඇෆ්ගනිස්ථානය)
  2. අද්මිරාල් (විශ්‍රාමික) තිසර සමරසිංහ (ඕස්ට්‍රේලියාව)
  3. රාජා එදිස්සූරිය (බ්‍රසීලය)
  4. මහාචාර්ය කේ. හඟවත්ත (ප්‍රංශය)
  5. අනෝජා විජේසේකර (ඉන්දුනීසියාව)
  6. එම්.එෆ්. රසීන් (ඉරානය)
  7. සරත් විජේසිංහ (ඊශ්‍රායලය)
  8. බෙනට් කුරේ (ඉතාලිය)
  9. අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ (ජපානය)
  10. ගාමිණී රාජපක්ෂ (ජෝර්දානය)
  11. තිස්ස විජේරත්න (කොරියාව)
  12. නීල් ඩයස් (මාලදිවයින)
  13. එච්.ආර්. පියසිරි (මියැන්මාරය)
  14. ආචාර්ය පාලිත කොහොන (ඇමෙරිකා එක්සත් ජනපදය)
  15. බුද්ධි ආතාවුද (නෙදර්ලන්තය)
  16. එයාර් චීෆ් මාෂල් (වි) ජයලත් වීරක්කොඩි (පාකිස්තානය)
  17. මහාචාර්ය ගාමිණී සමරනායක (පිලිපීනය)
  18. යූ.එස්. ද සිල්වා (පෝලන්තය)
  19. උදයංග වීරතුංග (රුසියාව)
  20. හුසේන් මොහොමඩ් (සෞදි අරාබිය)
  21. රජත පියතිස්ස (සීෂෙල්ස්)
  22. සරත් කෝන්ගහගේ (ද. අප්‍රිකාව)
  23. ඕෂධී අලහප්පෙරුම (ස්වීඩනය)
  24. ජෙනරාල් (වි) ශාන්ත කෝට්ටේගොඩ (තායිලන්තය)
  25. භාරතී විජේරත්න (තුර්කිය)
  26. වේළුපිල්ලේ ගනනාදන් (උගන්ඩාව)
  27. අර්වින් අමරසිංහ (වියට්නාමය)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.