ආයුබෝවන් දේවක සහ බාහිර්

1 Sitana devaki - Copy

 

ශ්‍රී ලංකාවෙන් නව වැලි කටුසු විශේෂ දෙකක් සොයාගත් බව පර්යේෂකයෝ පිරිසක් කියති. මෙතෙක් සිතා සිටියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ ඉන්දියාවෙන් 1829 දී සොයාගත් වැලි කටුස්සන් විශේෂයක් බවයි. නව පර්යේෂණය අනුව පෙනීගොස් ඇත්තේ මෙරටින් හමුවන කටුස්සන්ගේ සිරුරේ කොරළ පිහිටීම හා හැඩය ඉන්දියාවේ විශේෂයෙන් වෙනස්වන බැවින් ඔවුන් වෙනත් විශේෂ බවයි.

ලෝ ප්‍රකට විද්‍යා සඟරාවක් වන සූ සැක්ටා සඟරාව මගින් සිය පර්යේෂණ වාර්තාව ප්‍රකාශයට පත්කළ පර්යේෂණ කණ්ඩායමට මෙරට හා විදේශීය පර්යේෂකයෝ කිහිප දෙනෙක් සම්බන්ධ වී සිටිති. පර්යේෂණය සිදුකැර ඇත්තේ තසුන් අමරසිංහ, අයිවන් ඉනීච්, සුරංජන් කරුණාරත්න, මාධව බොතේජු, පැට්රික් කැම්බෙල් යන පර්යේෂකයන් විසිනි.

2009 වර්ෂයේ දී ආරම්භ කළ එම පර්යේෂණයේ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාවේ උතුරුදිග වෙරලාසන්නයේ සිට, පුත්තලම, විල්පත්තු ජාතික උද්‍යානය හා මන්නාරම දක්වා වූ ප්‍රදේශයෙන් එක් කටුසු විශේෂයක් හමුවන බව තහවුරු කැර ගැනීමයි. ඒ නව විශේෂයකි. එම විශේෂය සත්ත්ව විද්‍යාත්මකව සිටානා දේවකයි Sitana devakai ලෙස නම් කැර ඇත. සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ ආචාර්ය දේවක වීරකෝන් මහතාට ගෞරව පිණිස නව කටුසු විශේෂයට ඒ නම ලබා දී ඇත.

අනෙක් විශේෂය සිටානා බාහිරි Sitana bahiri ලෙස නම්කැර ඇති අතර ඔවුන් හමුවන්නේ යාල, බුන්දල, හා කුමන වැනි දකුණු දිග ප්‍රදේශයෙනි. ගාල්ලේ උපත ලබා මෙරට සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂණ ගණනාවක් කළ එම්.එම්. බාහීර් නම් සත්ත්ව විද්‍යා පර්යේෂකයාට ගෞරව පිණිස දකුණෙන් හමුවන නව වැලි කටුසු විශේෂය සිටානා බාහිරි Sitana devakaiලෙස නම් කළ බව පර්යේෂකයෝ කියති. බාහිර් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

සිටානා බාහිරි විශේෂයේ ඡායාරූපය

2 Sitana bahiri

 

 

සිටානා දේවකයි විශේෂයේ ඡායාරූපය

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.