ආයුර්වේද වෛද්‍යවරුන් නියාමනයට රාජිත සැරසේ

rajithaශී‍්‍ර ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන් නියාමනය කිරීමේ වැඩ පිළිවෙලක් සහ අවශ්‍ය අවම ප‍්‍රමිතීන් හඳුන්වා දීමට තමන් කටයුතු කරන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටින්නේ. බටහිර වෛද්‍යවරුන් නියාමනය කරන ආකාරයෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ද නියාමනය කොට ඔවුන්ගේ පර්යේෂණ වැඩි දියුණු කළ යුතු බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් දැනටමත් සම්පාදනය වී ඇති අතර එය මාස තුනක් ඇතුලතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව රාජිත සේනාරත්න වැඩි දුරටත් කියා සිටියේය. ශී‍්‍ර ලංකාවේ මේ වන විට ආයුර්වේද වෛද්‍යවරුන් 23000ක් පමණ කි‍්‍රයාත්මක වන අතර යුනානි හා සිද්ධ වෛද්‍ය ක‍්‍රම වලටත් ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වෙති. ආයුර්වේද වෛද්‍යවේදය පිළිබඳ ඉන්දියාව, චීනය, ජපානය, කොරියාව හා තවත් රටවල් කිහිපයක විශේෂඥයන්ගේ අන්තර්ජාතික සමුළුවක් කොළඹදී පැවැත්වීමටත් කටයුතු යොදා ඇත. මේ තුළින් ආයුර්වේදය සංවර්ධනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමතිවයා ප‍්‍රකාශ කරයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.