ආර්යා ශිරන්තනි රකින්න 50ක්

 

 

Shiranthi-Rajapaksa-and-Jan

 

හිටපු ජනාධිපති  රාජපක්ෂ මහත්මියගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් 50 දෙනෙකු ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් ඉල්ලීමක් කර ඇත.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බිරිඳගේ ආරක්ෂාවට ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් 04 දෙනෙකු අනුයුක්ත කර ඇතත්, ඇය විසින් ලබාගෙන ඇත්තේ නිලධාරීන් දෙදෙනෙකු පමණි.

යෝෂිත තාත්තා ළඟ වැඩ :

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස ඔහුගේ පුත් නාවික නිලධාරී යෝෂිත රාජපක්ෂ මතතා අනුයුක්ත කර ඇත. හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් ඊට ආදාල අනුමැතිය ලබාදී තිබේ.

එසේම හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 100කට වැඩි පිරිසක් ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 50කට වැඩි පිරිසක් ද ජනාධිපතිවරයා විසින් ලබාදී ඇත

 

Sri lanka’s former first lady wants a fifty security personal.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.