‘ආවා’ චෝදනාවෙන් රුවන් ගෝඨා නිදහස් කරයි

ruwanආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන කියා සිටින්නේ උතුරේ ක්‍රියාත්මක වන ආවා කල්ලිය පසුපසින් හමුදාව
හෝ දේශපාලඥයින් ක්‍රියාත්මක නොවන බවයි.

කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා දිගින් දිගටම කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදා නිලධාරීන් පිරිසක් ආවා කල්ලිය පිටුපසින් සිටින බවයි. ආණ්ඩුව කිසිවෙකුටත් නීතිය අතට ගැනීමට ඉඩ නොදෙන බව
රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන පැවසුවේ බියගම පැවති උත්සවයකදීය.

මේ වන විට අවා කල්ලියේ පුද්ගලයින් ආරක්ෂක හමුදා විසින් හඳුනාගෙන ඇති බවත් මේ පිරිසට එරෙහිව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව රුවන් විජේවර්ධන කියා සිටියේය. ඇතැම් දේශපාලඥයින් මේ තත්වයෙන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

මේ පුවත වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදියෙක් පැවසුවේ රාජිත ඇමතිවරයා ගෝඨාභය මහත්තයා ගැන කියපු කථාවත්
කියලම කථාව අවසන් කළා නම් එයා චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කෙරෙනවා යැයි පැවසීය. අනෙකා කීවේ නිදොස් වෙන හැටි ගෝඨා මහත්තයා දන්නවා යනුවෙනි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!