ඇත්ත කියමු ද?…

හිටපු ප්‍රවාහන ඇමති , පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ලංකා සී නිවුස් වෙබ් අඩවියට හඩ පටයක් නිදහස් කරමින් ලංකා නිවුස්ලයින් වෙබ් අඩවිය බොරු ප්‍රචාරයක් කරන බව කියා සිටී. ඒ ප්‍රකාශය ඉහත හඩ පටියෙන් අසා ගත හැකිය. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම එහි දී පැහැදිලිව ප්‍රකාශ කරන්නේ තමන් රජයට සම්බන්ධවීමට සූදානමින් සිටින බවට අප පල කළ ප්‍රවෘත්තිය මුලුමනින්ම අසත්‍යයක් බවය.

දැන් අපි කුමාර වෙල්ගම හිටපු ප්‍රවාහන ඇමතිවරයාට අමතක වී ඇති යමක් මතක් කරදෙනු කැමැත්තෙමු. මේ මස 1 දා බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරකසභාව පැවැත්විනි. එම මධ්‍යම කාරකසභා රැස්වීමෙන් අනතුරුව තේ පානයක් සංවිධානය කර තිබිණ. එම තේ පානය අතරතුර දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් ඉදිරිපිට කුමාර වෙල්ගම කතාවක් කීවේය. ඒ කතා සාරාංශය මෙසේය.

kumar-welgamaඒකාබද්ධ විපක්ෂයෙ හිදගෙන මම මහින්දට උදවු කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න… ඒ සදහා බලපෑම් කර ජනාධිපතිවරයා එතැනට තල්ලු කරන්න. එහෙම නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරලා අලුත් පක්ෂයක් හදන්න නෙමෙයි… අලුත් පක්ෂ හදලා දිනන්න බෑ…

එහෙම අලුත් පක්ෂයක් හදනවානම් මම එතැන නෑ. යම් කෙනෙක් මේ පක්ෂය දෙකඩ කරලා අලුත් පක්ෂයක් හදන්ඩ ඕනැ කියනම් ඒ අයට ඒ ගමන යන්න කියනවා… එහෙමනම් මම ඒ අයත් එක්ක නෑ… එහෙම කරනවානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකත්වය සමග මං කෙලින් හිටගන්නවා… අලුත් පක්ෂයක් හදනවාට වඩා මට ඒක කරන්න පුලුවන්. එහෙම කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරනවාට වඩා ආණ්ඩුවට පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මට කටයුතු කළ හැකියි. ඉතාම හොද ක්‍රමවේදය එයයි..

කුමාර වෙල්ගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ කීවාද නැද්ද යන්න පිළිබදව ඔහුගේ හෘදය සාක්ෂිය පමණක් නොව ඇසූ දුටු සාක්ෂි ගණනාවක් සාක්ෂි දරයි. අප විසින් වාර්තා කරනු ලැබුවේ මේ සිද්ධියේ දිගුවක තිරය පිටුපස වූ කතාවය. ඒ කතාව ලංකා නිවුස්ලයින් එකට කීවේ කවුදැයි අයෙක් ප්‍රශ්න කර තිබිණි. මේ රට ඉතාම කුඩා එකක් බවත් ප්‍රසිද්ධියේ හමුවී කරන කථිකාවන්ගෙන් අනතුරුව සිදුවන ඩීල් රහස් නොවන බවත් තේරුම් ගත යුතුව ඇත. මක්නිසාද යත් මේ ජුගුප්සාව ප්‍රතික්ෂේප කරන පිරිසක් සෑම කුලකයක් තුළම සිටින බැවිනි.  ඉවසීමෙන් සිදුවන දේ බලා සිටීම වැදගත් බව පමණක් හැගේ…

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!