ඇන්ජලෝ මැතිව්ස් බැංගලෝර් ලන්සුව රු.කෝටි 7.5

ඇන්ජලෝ මැතිව්ස් බැංගලෝර් වලදී රු.කෝටි 7.5 කට විකිණෙයි

2015 අයි.පී.එල්. කි‍්‍රකට් තරගාවලියේ අද බැංගලෝර්හි දී පැවති වෙන්දේසියේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සදහා ඉන්දියානු රුපියල් කෝට් 7.5කට මිල නියම විය.

එම වෙන්දේසියේදීම ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩක යුවරාජ් සිං දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 16කට අලෙවි වී තිබුණි.

එය මෙතෙක් අයි.පී.එල්. කි‍්‍රකට් වෙන්දේසියේදී කී‍්‍රඩකයෙකු ලැබූ වැඩිම මුදල් වටිනාකමයි.

2014 වසරේ පැවැති අයි.පී.එල්. කි‍්‍රකට් වෙන්දේසියේදී ද යුවරාජ් සිං බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 14කට මිලදී ගෙන තිබුණි.

ඒ අනුව ඔහු ගිය වසරේදී ද වැඩිම මිලකට අලෙවි වුණු කි‍්‍රකට් කී‍්‍රඩකයා විය.

ඔ්ස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කී‍්‍රඩක පිලිප් හියුස්ට මාරාන්තික පන්දුව එල්ල කළ ෂේන් ඇබට් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විසින් රුපියල් කෝටියකට මිල දී ගෙන ඇත.

ශී‍්‍ර ලංකා සුපිරි කී‍්‍රඩකයින් වන කුමාර් සංගක්කාර්, මහේල ජයවර්ධන මෙවර අයි.පී.එල් වෙන්දේසියේදී අලෙවි නොවීම විශේෂත්වයකි

Angelo gets a bid at Bangalore

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.