ඇමතිවරු ඉල්ලා අස්වෙයිද?

 

 

ජනාධිපපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා බේරුවල පැවැති රැස්වීමකදී සඳහන් කළේ පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසුව ඒවායේ ‍ලේකම්වරුන් විශේෂ කොමසාරිස්වරුන් ලෙස පත් කිරීමට පියවර ගන්නා බවය.
පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ සහ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්න හිටපු ජනපතිවරයාගේ ද යෝජනා අහක දමමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් පාලන ආයතන 234 ක ධූර කාලය අවසන් කරමින් ගෙන ඇති මෙම තීරණය හුදෙක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් ඉටු කිරීමක් යැයි මොරටුව නගරාධිපති, පළාත් පාලන ආයතන කැඳවුම්කරු සමන් ලාල් ප්‍රනාන්දු මහතා පවසයි.

මැතිවරණයට දින නියම නොකර පළාත් පාලන ආයතන 234ක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරීමට විරෝධය පල කිරීමක් ලෙස ආණ්ඩුවේ ඇමතිවරුන් දසදෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 11 වනදා හමු වූ ශ්‍රිලනිප අමාත්‍යවරුන් කණ්ඩායමක් ඉල්ලා ඇත්තේ ශ්‍රිලනිපයට බලය හිමි පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වන්නට ඉඩ හැරීම පක්ෂයට බලවත් පාඩුවක් වන බවයි.

එම ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් සාර්ථක ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට ඔවුන් තීරණය කර ඇති බව වාර්තා වන අතර මෙසේ ඉල්ලා අස්වන පිරිස අතර ඇමැතිල රාජ්‍ය ඇමැතිල නියෝජ්‍ය ඇමැති 18 දෙනෙකු සිටින බවත් පැවසෙයි.

ඉන් දසදෙනෙකු ස්ථිර ලෙසම ඉදිරි දින කිහිපය ඇතුලත ඉල්ලා අස්වනු ඇතැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයාට හිතැති  ආරංචි  මාර්ග කියයි.

 

මහින්දගේ වර්ණනාව විරිදුවෙන්

 

[vsw id=”/G8cXmEkDRIQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.