ඇමරිකාවේ උදව්වෙන් මුහුදු කොල්ලකරුවන් ගෙන් ලාංකිකයින් බේරෙති

avangard-shipකාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයන් අට දෙනකුගෙන් සමන්විත වූ පැහැර ගන්නා ලද තෙල් ප්‍රවාහන නෞකාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් මුදාහරිනු ලැබ ඇත.  පුන්ට්ලන්ත වෙරළාරක්ෂක නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව කම්පම් හෝ වෙනත් කිසිදු කොන්දේසියකින් තොරව මෙම නෞකාව මුදාහැර තිබේ.

නෞකාව සෝමාලියානු වරායක් වෙත යාත්‍රා කරමින් තිබෙන බවත් එහි කාර්ය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයන් අට දෙනා ඉරිදා (19) වන විට ශ්‍රී ලංකාවට ළඟාවනු ඇති බවත් බලධාරීහු කියති.  මෙම මෙහෙයුමේදී ඇමරිකානු තානාපති අංශ වලින් සහය ලැබුණු බව නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂ ද සිල්වා පැවසීය.

නැවේ ගමන් කළ නාවික නිලධාරී සම්පත් කියා සිටියේ තමන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ නමුත් ශ්‍රී ලංකාවේ බලධාරීන් ගේ මැදිහත්වීමෙන් අනතුරුවප්‍රහාරය නතර වූ බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.