ඇයි පුතේ මිනිසුන් මේ තරම් සහාසික?

 

BOY-DEAD-w-www.nethfm.com-11

 

 

 

 

ඉකුත් 8 වන දා අතුරුදන් වූ ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ 7 හැවිරිදි දරුවාගේ මරණය යම්කිසි සාහසික ක්‍රියාවකින් සිදු කළ එකක් බවට සැක පළ කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් වූ වාර්තාව මෙතෙක් ලබා දී නොමැති බව ය.

පසුගිය 8 වන දා පාසල් ගොස් නිවසට පැමිණි එම දරුවා මිතුරන් සමග සෙල්ලම් කරමින් සිට තිබිණි.

එහෙත් දරුවාගේ මව නිවසට පැමිණෙන විට දරුවා නිවසේ සිටි නොමැත.

අතුරුදන් වූ දරුවා පිළිබඳ ඔහුගේ පියා පොලීසියට පැමිණිල්ලක් ද කර තිබිණි.

අතුරුදන් වූ දරුවාගේ සිරුර ඉකුත් 12 වන දා සොයා ගැනුණේ, ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ මහේෂ්ලන්ඩ් වතුයායේ පාළු ලැයින් කාමරයක් තුළ තිබියදී ය.

බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කරාපිටිය රෝහල වෙත යොමු කළේ ය.

සහාසික කියවල්ට එරෙහිව මතුවෙන ජනතා විරෝධය මේ සිදුවීමේදී  යටපත් වී ඇති බව පෙනේ ඒ මේ දරුවා ලයින් කාමරයක විසු අස්රන්යෙක් වන හෙයින්ද?

[vsw id=”/i9xx41-1qec” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.