ඇලෝසියස්ගේ අරක්කු සමාගමෙන් සුජීව සේරසිංහ සල්ලි අරන්!

Sujeewa Senasingheබැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවෙකු වන අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා විසින් මිලියන 1 බැගින් වූ චෙක් පත් 3 ක් 2015 සහ 2016 වසරවලදී ලබා ගෙන ඇති බවට බැඳුම්කර සිද්ධියට සම්බන්ධ නඩුවේ අද (07) කැඳවූ අවස්ථාවේදී හෙලිවී ඇත.

කොම්පඤ්ඤ වීදියේ පිහිටි බැංකුවකින් සේරසිංහ මහතාගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කළ පොලිස් උප පරීක්ෂකයෙකු විසින් එම් එක් චෙක්පතක් මුදල් කර ඇති බව එම වාර්තාවේ සඳහන්.

මේ අතර ඉතිරි චෙක් පත් දෙකද රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය නියුත් වූ පොලිස් නිලධාරීන් විසින් මාරු කර තිබේ.

මෙසේ ලබා ගත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විසින් මැතිවරණයට වියදම් කළ බවට ඇති චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුජීව සේනසිංහ අමාත්‍යරයා පවසන්නේ තමන් එසේ ඡන්දය සදහා මුදල් ගත් බව නොදැන සිට ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.