ඇලෝසියස් ගෙන් ෆොන්සේකාට ලක්ශයක්

Sarath Fonsekaඇලෝසියස් කියන පුද්ගලයා තමා හමුවීමට පැමිණ චෙක් පතක් හෝ ලක්ෂයක මුදලක් තමන්ට ලබාදුන් බවත් ඒ මුදල තමා ළඟ සිටි අපේක්ෂකයින් දෙදෙනකුට වියදමට තියාගන්න කියා දුන් බවත් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා මහනුවරදී පැවැසීය.

සරත් ෆොන්සේකා මහතා මල්වතු පාර්ශ්වයේ මහා නාහිමි අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේද කීය. සාමාන්‍යයෙන් මැතිවරණ කා‍ලේදී අපේක්ෂකයින්ට මුදල් ලබාදීම ව්‍යාපාරිකයින් විසින් සිදුකරන දෙයක්. නමුත් මහා පරිමාණයෙන් ඒ දේ සිදුවනවා නම් ලක්ෂයක් දෙකක් දෙනවාට වඩා එහි වෙනසක් තිබෙනවා. ඒ නිසා මේවා එකසිය දහඅටටම දුන් බවට සංඛ්‍යා අනුව ගණන් සාදා වැඩක් නැහැ. සමහර විට එකසිය දහඅටට වැඩියත් දීලා තිබෙන්නත් පුළුවන්. නමුත් සමහරුන්ගේ විශේෂ ගනුදෙනු තිබුණානම් ඒවා හඳුනාගන්න යම් ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ පුද්ගලයා මාව හමුවෙන්න ඇවිත් පැය භාගයක් පමණ දොඩව දොඩවා සිට යන ගමන් ඒ මුදල් හෝ චෙක්පත් දුන්නා යැයි සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.