ඇවන්ට්ගර්ඩ් අවි ගබඩාව පිළිබඳව විමර්ශන යට යන්නේ ඇයි?

20110205_ldp002සාමාන්‍යයෙන් ඔය බඳින තුවක්කුවක් අහුවුණත් දාන්නේ ගිනිඅවි ආඥා පනත යටතේ. මේ රටක් අල්ලන්න පුළුවන් අවි ආයුධ තියෙනවා. පනත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ක්‍රියාත්මක කළ හැකියි.-අනුර කුමාර දිසානායක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ගිනිඅවි ආඥා පනත සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ පනත් යටතේ ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය පිළිබඳව ක්‍රියා මාර්ග ගත හැකි බව අනුර දිසානායක මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිවේදීන් කිහිපදෙනෙකු අවධාරණය කළේ, මෙම සිදුවීමට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද නොකළ යුතු බව ය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධාය සභික නීතීඥ ගුණරතන වන්නිනායක මහතා පැවසුවේ, අවි ආයුධ විශාල වශයෙන් ළඟ තබාගත් පුද්ගලයෙකුට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි ද යන්න ප්‍රශ්නාර්ථයක් බව ය.

මෙම අවි ආයුධ සම්බන්ධ කරගනිමින් කිසියම් අවි ජාවරමක් සිදුවුණා ද යන්න කරුණු සැලකිල්ලට ගත යුතු කරුණක් වන අතර නීති විරෝධි පාවෙන ගිනි අවි නැව් ගබඩාව සම්බන්ධයෙන් නීතිය අකුරට ක්‍රියාත්මක නොකළ හොත් යහ පාලනය බිඳ වැටීම කිසිදු සැකයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය.

සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සම්බන්ධීකාරක නීතීඥ රවී ජයවර්ධන මහතා පැවසුවේ, පුද්ගලික ආයනනයකට අවි ගබඩා කර තැබීමට නීතියෙන් අවසරයක් නොමැති බව ය.

 

[vsw id=”/3M1vr4xoA1g” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

බලපත්‍ර සහිතව මෙම අවි තබාගත් බ ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන කියා සිටි අතර ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ අන්දමට මේ සියළු

ගනුදෙනු නීතියේ රාමුව තුල සිදු වී ඇත. මෙවැනි පසුබිමක් තුල ඇවන්ට් ගාර්ඩ් විමර්ශන ප්‍රමාද වන්නේ අයි දැයි පහසුවෙන්ම හිතා ගත හැකිය.එහෙත් මේ පිළිබඳව සත්‍ය හෙළිදරව්

කිරීම සඳහා අප කැප වූ පිරිසක් සිටින බව විමර්ශන යටපත් කරන්නන් මතක තබා ගත යුතුය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.