ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වේ

esala-peraharaශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යය ඊයේ (24) සිට ආරම්භ වන අතර අද සිට දින 05 ක් සිව් මහ දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පවත්වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.

සිව් මහ දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය උදෑසන පැවැත් වූ අතර ලබන 29 වනදා කුඹල් පෙරහැර මංගල්‍යය ආරම්භ වී අගෝස්තු මස 02 වනදා කුඹල් පෙරහැර අවසන් වෙයි.

පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 03 වනදා ආරම්භ වී අගෝස්තු මස 07 වන දිනට යෙදී ඇති පොහොය දිනයේදී අවසන් රන්දෝලි පෙරහැර විථි සංචාරය කිරීමට නියමිත අතර අගෝස්තු මස 08 වනදා දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.