ඇස්බැස්ටස් තහනම ඉවතට – කප්රා බීට්ල් දේශපාලන කුරුමිණියෙක්

asbestosලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී ඊයේ (19) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, 2020 වසරේ සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් ශ්‍රී ලංකා රජය මුලදී තීරණය කර තිබිණි.

ඇස්බැස්ටස් සඳහා අමුද්‍රව්‍ය සපයන රටවල් අතර රුසියාව ප්‍රධාන තැනක් ගන්නා බව පැවසේ.

රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහටද ලක් විය

කප්රා බීට්ල් ලංකාවේ නැහැ

ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් තේ කර්මාන්තය ආශ්‍රිතව කප්රා බීට්ල් නම් කුරුමිණි විශේෂය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය එම් එම් ජේ පී ගවරම්මාන මහතා පවසයි.

එබැවින් තේ නිෂ්පාදකයින් අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව ඒ මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය එම් එම් ජේ පී ගවරම්මාන මහතා වැඩිදුරටත් මේ පිළිබඳ පැහැදිලි කළේය.

“ඇත්තෙන්ම මෙහිදි සිද්ධ වෙලා තියෙන්නේ කප්රා බීට්ල් නමින් හඳුන්වන විද්‍යාත්මකව අපි කියනවා ප්‍රගෝඩෝමා ගානේරියම් කියන කුරුමිණි විශේෂය… ඒ සුහුඹුලෙකු ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ අඩංගු බහාලුමක තිබී හමුවීම තමා සිද්ධ වෙලා තියෙන්නේ… එසේ නැතුව ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ වල හෝ තේ අසුරා තිබු අදාළ ඇසුරුම්වල නෙමෙයි මේ සුහුඹුල හම්බුවෙලා තියෙන්නේ… ශ්‍රී ලංකාවෙන් තේ අපනයනය කරන ලද කන්ටේනරයක තිබීලා හමුවී ඇති බව තමා වාර්තා වෙන්නේ… ඉතින් ඒකම මම කියන්න කැමති මේ කප්රා බීට්ල් කියන මේ කුරුමිණි විශේෂය ශ්‍රී ලංකාවේ හෝ තේ වගාවේ හෝ වෙනත් කිසිම වගාවක මෙතෙක් හමු වී නැති කුරුමිණි විශේෂයක්… ඒ එක්කම මම ඉතාමත් වගකීමෙන් කියන්න කැමති ශ්‍රී ලංකාවේ තේ වගාකරුවන් හෝ සෙසු කෘෂි භෝග වගාකරුවන්ට බියක් ඇති කරගත යුතු නෑ… මෙම කප්රා බීට්ල් කියන කුරුමිණියාගේ තර්ජනය ශ්‍රී ලංකාවේ වගාකරුවන්ට නෑ…”

දැන් කප්රා බීට්ල් දේශපාලන සත්වයෙක් බව පැහැදිලිය

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.