ඉතාලියේදී අත්අඩංගුවට ගත් රාජතාන්ත්‍රිකයා, රාජපක්ෂවරු පත් කළ අයෙක්!

ඉතාලියේ මිලාන් නුවරදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා ජොර්දාන් සහ ලෙබනන් රාජ්‍යයන්හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලවල 2012 අගෝස්තු මස සිට 2015 පෙබරවාරි මස දක්වා රාජ්‍යතාන්ත්‍රික තනතුරක රාජකාරි කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔහුට රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රයක් නිකුත් කර තිබී ඇති අතර ඔහුගේ බිරිඳට සහ දරුදෙදෙනාට නිකුත් කොට තිබී ඇත.

2015 පෙබරවාරි මස ලංකාවට පැමිණි පසු ඔවුන්ට අයත් රාජ්‍යතාන්ත්‍රික බලපත්‍ර අවලංගු කර තිබූ බවත් නැවත 2015 ජූලි මාසයේ රාජකාරී බලපත්‍රයක් ලබා ගෙන ඇති අතර ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා 2016 අගෝස්තු මාසයේ සාමාන්‍ය බලපත්‍රයක් ලබා ගෙන ඇති බවත් වාර්තා වේ.

මෙම පුද්ගලයා දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙකු ලෙස සේවය කරයි.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මිලාන් නුවර කොන්සල් ජනරාල් කාර්යාලය මගින් විදේශ කටයුතු අමාත්‍යංශයට තහවුරු කර තිබේ.

ලැබී ඇති තොරතුරු අනුව මෙම නිළධාරියා 2018 සැප්තැම්බර් 07 දින විදේශ ගතවී ඇත, එසේ විදේශ ගතවීමට අවශ්‍ය පූර්ව අනුමැතිය කාර්යාංශයෙන් හෝ අදාළ අමාත්‍යංශයෙන් ලබාගෙන නොමැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.