ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්…………….

ethiopiaවිදේශ සේවය නවීකරණය කරද්දි උගන්ඩාව වෙනුවට ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරනා බව විදේශ කටයුතු ඇමති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදි ඊයේ (30) ප්‍රකාශ කළේය. අප්‍රිකානු කලාපයේ අනෙක් රටවල තානාපති කාර්යාල අලුතින් පිහිටුවිමට බලාපොරොත්තුවක් නැති බව පැවසු ඇමතිවරයා ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මේ මාසයේදි පිහිටුවන බවද කිවේය.

විදේශ සේවය නවීකරණය කිරිම සඳහා සිංගප්පූරුව සමඟ කටයුතු කරන බවත් තානාපති කාර්යාලයන්හි සේවය පරික්ෂා කර බැලිම සඳහා හදිසියේ තානාපති කාර්යාලවලට කඩා පැන ඒවායේ කටයුතු පරික්ෂා කරන්න ඉන්ස්පෙක්ටර් ජනරාල්වරු තිදෙනෙක් පත් කර තිබෙන බවද පැවසීය. විදේශ අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයට එක් වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.