ඉදිරි දින කිහිපයේ වැසි

වායුගෝලයේ පවතින අඩුපීඩන තත්වයත් සමග වයඹ මධ්‍යම සබරගමුව දකුණ සහ ඌව පළාත් වලට එළඹෙන දින කිහිපය තුල තද වර්ෂාව බලාපොරොත්තු විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම පළාත් තුල සවස 2 න් පසුව ගිගුරුම් සහිත මිලිමීටර් 100-150 පමණ වන වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුව නිසා වර්ෂාව පවතින අවස්ථාවල ආවරණ සහිත ස්ථානවල රැදී සිටින ලෙසත් ගිගුරුම් සහිත අවස්ථාවල කුඹුරු, තේ වතු සහ විවෘත ජල පද්ධතිවල රැදී නොසිටින ලෙසත් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත උපදෙස් දෙයි.

මේ අතර පවතින කාලගුණික තත්වයත් සමග ගාලු දිස්ත්‍රික්කයේ සුළු ගංවතුර තත්වයක් හටගෙන තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.