ඉන්දියන් වීසා ගුවන් තොටුපලේදී

passport

ශ්‍රී ලංකා සංචාරකයින්ට රටින් පිටවන අවස්ථාවේදීම වීසා ලබාගැනීමේ අවස්ථාව ඉන්දීය රජය  විසින් සලසා දී තිබේ. ඒ අනුව පසුගියදා මෙරට සංචාරයක නිරත වු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ලබාදුන් පොරොන්දුවකට අනුව මෙය ක්‍රියාත්මක වන බව සඳහන්.

ඉන්දියාවේ ස්ථාන නැරඹීමට හෝ සමීපතයෙකු මුණගැසීමට හෝ කෙටිකාලීන වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාව බලා ගමන් කරන සංචාරකයින්ට එම වීසා පහසුකම ලබාගත හැකි බව මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

මෙය ඊයේ (14)  දිනයේ සිට ක්‍රියාත්මක වන බව  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

කෙසේ වෙතත් රටින් පිටවන අවස්ථාවේ දී වීසා ලබාගැනීම සඳහා කරුණු කිහිපයක් අදාළ ශ්‍රී ලාංකිකයා විසින් සපුරාලිය යුතු බවත්  ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසුවේය.

එමෙන්ම අදාළ සංචාරකයාගේ විදේශ ගමන් බලපත්‍රය ඉදිරි මාස 6කට නොඅඩු කාලයක් සඳහා වලංගුව තිබිය යුතු බව ද සඳහන්ය.

සංචාරකයා සතුව ඉන්දියාවට යෑම සහ ඒම සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍රයක් තිබිය යුතු බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.