ඉන්දියානු දුත කණ්ඩායම කුඩා කර ගැනීමට රනිල් ගෙන් උපදෙස්

150215113603_maithri_india_visit_512x288_maithripalasirisena

දින දෙකකට සැළසුම් කර තිබූ ජනපතිවරයාගේ ඉන්දියා සංචාරය දින 4 කාලයක් පුරාවට සිදුවනු ඇත.මේ සම්බන්ධයෙන් පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදීද කරුණු සදහන් විය.අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමංසිහ මහතා ජනපතිවරයාට උපදෙස් දෙමින්  හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන තම විදේශ සංචාර වලට කුඩා කණ්ඩායමක් සහභාගී කර ගත්තාක් මෙන් මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාටද අනෙක් අයට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ හැකි බව පෙන්වා දුන්නේය.මෙහිදී පැනයක් මතුකළ අමාත්‍ය රාජිත  සේනාරත්න එයින් පැවසෙන්නේ තමා සංචාරයට සහභාගී විමෙන් වැළකිය යුතු බවදැයි අගමැතිවරයාගෙන් විමසීය

සියලූදෙනා සිනා සයුරේ ගිල්වමින් ඊට පිළිතුරු දුන් වික‍්‍රමසිංහ මහතා පැවසූයේ රාජිත සේනාරත්න මහතාට ඉන්දියා සංචාරයට සහභාගී වීමට අවශ්‍ය නම් ඊට කිසිම බාධාවක් තමන්ගෙන් නැති බවය.තමන් දුන්නේ රාජ්‍ය නායකයෙකු ආදර්ශමත් විය යුතු ආකාරය ගැන කුඩා උදාහරණයක් පමණක් යැයි ඔහු කීවේය.සේනාරත්න අමාත්‍යවරයාට අමතරව,පාඨළි චම්පික රණවක හා ඞී.එම්.ස්වාමිනාදන් යන ඇමතිවරුන් ජනපතිවරයා හා ඉන්දියා සංචාරයට එක්වීමට නියමිතය.

ජනපතිවරයාගේ ඉන්දියා සංචාරය සිදුවන්නේ හුදෙක් හොද හිත තහවුරු කරගැනීමේ අරමුණකින් මිස සාකච්ඡාවලදී මතුකෙරුණු කාරණා ගැන මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීමක් හෝ එකගතාවන් ඇතිකරගැනීම් හෝ පාදක කර ගත් ඉහළ රාජ්‍යතාන්ති‍්‍රකමය ස්වරූපයකින් සිදුවන්නක් නොවන බව කැබිනට් හමුවේදී සදහන් විය.එම කටයුතු සිදුවනු ඇත්තේ එළැඹන මසදී අගමැති මෝදිගේ ශී‍්‍රලංකා සංචාරයේදී බව පැවසුනි.ඉන්දියා  අගමැතිවරයා යාපනය,නුවර යන ප‍්‍රදේශවල සංචාරය කරනු ඇති බවත් වතුකරයේ නිවාස 24000 ක් ඉදිකිරීම සදහා ආධාර ලබාදෙන ගිවිසුමකට අත්සන් කරනු ඇති බවත්  කියැවුනි.එක් නිවසක් සදහා වියදම රුපියල් ලක්ෂ 12 ක් පමණ වන බව සදහන්ය.ව්‍යාපෘතිය සදහා අවශ්‍ය මුදල් ඉන්දියාවෙන් සහන ණයක් ලෙස ලබාගැනීමට නියමිතය.

සිරිසේන ජනපතිවරයා හා අගමැති මෝදි අතර පැවැත්වෙන සාකච්ඡුා වලදී ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම් රාශියක් අත්සන් කෙරෙනු ඇත.ඒවා අතර

1.වීසා බලපත‍්‍ර නොමැතිව ශී‍්‍රලංකාවේ රාජ්‍යතාන්ති‍්‍රකයින්ට හා වෙනත් නිළධාරීන්ට ඉන්දියාවට ඇතුල්වීමේ අවසරය ලබාදෙන ගිවිසුමක්.

 

2.පරමාණුක ශක්තියේ භාවිතයන් සම්බන්ධයෙන් සහයෝගයෙන් වැඩකටයුතු කිරීමට දෙරට අතර අවබෝධතා ගිවිසුමක්.

 

3.ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයට ශී‍්‍රලංකා හිමිවරුන්ට ඇතුල්වීමේ අවස්ථාව ලබාදෙන අවබෝධතා ගිවිසුමක්

 

4.කෘෂිකර්මාන්ත කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කිරීම සදහා වන ගිවිසුමක්.

 

5.විවිධ ක්ෂේත‍්‍ර ආවරණය වන පරිදි තොරතුරු හුවමාරුව හා සහයෝගිීතාව වර්ධනය කිරීමේ කටයුතු සදහා වන ගිවිසුමක් ආදිය වේ.

 

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විදෙස් සංචාරය සදහා සියගණනක් දෙනා සහභාගී කර ගත්තද ඔහුගේ අනුප‍්‍රාප්තිකයා තම සංචාරය සදහා සහභාගී කර ගනු ඇත්තේ ආරක්ෂකයින්ද ඇතුලූව 17 දෙනෙකු පමණකි.ජනපති මෛති‍්‍රීපාල සිරිසේන බුද්ධගයාව හා තිරුපති කෝවිලද වැදපුදාගෙන බදාදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

Priminister Ranil advices president to keep  delegation to India small.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.