ඉන්දියාවට පාරක් – රනිල් නිහඬයි

bridge-seaශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බව ඉන්දීය ප්‍රවාහන, මහාමාර්ග සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිතින් ගද්කාරි පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ඉන්දියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා අගමැතිවරයා සමග ඊයේ (අප්‍රේල් 26) යෙදුනු සාකච්ඡාවකින් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

ඒ පිළිබඳ ශ්‍රී ලංකා අගමැතිවරයාගේ ප්‍රතිචාරය කුමක්දැයි යන්න මෙතෙක් වාර්තාවී නොමැත.

අගමැතිවරයා සහ අමාත්‍ය නිතින් ගද්කාරි අතර පැවති සාකච්ඡාව පිළිබඳ ශ්‍රී ලංකා අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ ද ඒ පිළිබඳ කිසිවක් සඳහන් කර නොතිබිණි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුද හරහා පාලමක් තැනීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවට පල වන වාර්තා වල සත්‍යතාවක් නොමැති අතර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර කිසිදු සාකච්ඡාවක් නොවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මීට පෙර පාර්ලිමේන්තුවේ දී උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා තිබින.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.