ඉන්දියාවෙන් ගෙනා කේරළ ගංජා තොගයක් කිලිනොච්චි වෙරළේදී අත්අඩංගුවට

kerala ganjaදිනසේන රතුගමගේ
කිලිනොච්චිය, චුන්ඩිකුලම් වෙරළ තීරයේදී ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් කෝටියකට අධික කේරළ ගංජා කිලෝග්‍රෑම් 94 ක් 07 දා අත්අඩංගුවට ගත්බවට ධර්මපුරම් පොලීසිය කියා සිටියේය.

ධර්මපුරම් පොලීසිට ලද බුද්ධි තොරතුරක් මත එහි නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ වැටලීමකදී අදාළ කේරළ ගංජා තොගය සොයාගත් බවට ධර්මපුරම් පොලීසිය පැවසුවේය.

කිසියම් පිරිසක් විසින් ඉන්දියාවේ සිටි අදාළ ගංජා තොගය මෙරට රැගෙනවිත් උතුරට හා දකුණට බෙදාහැරීමට සූදානම්ව තිබු බවත් අදාල වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පැමිණ පසුව අදාල කේරල ගංජා තොය දමා යතුරු පැදියෙන් පළාගොස් තිබේ.

අදාළ යතුරුපැදිය මේ වන විට හඳුනාගැනීමේ කටයුතු හඳුනාගෙන ඇති අතර ධර්මපුරම් පොලීසිය විසින් අදාල ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවටද වැඩි දුරටත් පැවසුවේය.

kerala ganja
ධර්මපුරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය පරික්ෂා කරන අයුරු

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!