ඉන්දු -ලංකා:මංගල ගේ අළුත් ඉනිම

 s2015011961273-432x300 (1)

මේ වන විට ඉන්දියාවේ නව දිල්ලි නගරයට ගොස් සිටින විදේශ ඇමති මංගල සමරවීරට පහසුවෙන් හුස්ම ගනීමට හැකි  වාතාවරණයක් අත්වී තබෙන බවක් දක්නට ඇතැයි දේශපාලන නිරීක්ෂකයින් පවසති.

වෙනදා ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය දුත් පිරිස් පැමිණෙන විට ලැබෙන අපහාසාත්මක සහ විවේචනාත්මක මධ්‍ය වාර්තා වෙනුවට මෙවර දක්නට ලැබෙන්නේ බලාපොරත්තුව දනවන

මාධ්‍ය විමසුම්ය.

හින්දු  පුවත් පත වාර්තා කරන පරිදි  මීට‍ පෙර බිඳ වැටීම් වලට ලක්ව තිබු ඉන්දු -ලංකා සබඳතා පිළිබඳව අළුත් ආරම්භයක් සන්දහා පියවර ගැනීමට තමන් මේ සංචාරය යොදා ගන්නා බව සමරවීර මහතා පවසා ඇත.

ඉන්දීය විදේශ අමාත්‍යවරිය වන සුශ්මා ස්වරාජ් හමු වී පැවැත්වූ  සාකච්ඡා තුලින්  තිරසර ප්‍රතිඵල සහිත සබඳතා තර කර ගැනීම සඳහා ඉන්දු ලංකා අමාත්‍යවරු ප්‍රයත්නයක යෙදී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයිඩ් අක්බරුද්දීන්  කියා සිටී.

150118123445_mangala_in_india_512x288_bbc

බොහේ සාධනීය දේ

මංගල  සමරවීර ඇමතිවරයාට මෙවර ඉන්දියානු පරිපාලනයට කියන්නට බොහේ සාධනීය දේ තිබේ.

අගමැතිවරයා  දෙමළ ජනතාවගේ ස්වයං පාලනය පිලිබඳ කථා බහකට  සුදානම් බව හැඟී හොර නැතුව ප්‍රකාශ කොට තිබේ,මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා චීනය ඉන්දියාවට එරෙහි වන ලෙසින්  කටයුතු කොට ඇති බව පිළිගෙන තිබේ, උතුරේ දෙමළ ජනතාවගේ  විශ්වාශය දිනාගත හැකි ආණ්ඩුකාරයෙක් පත් කරමින් විශ්වාසය දිනා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කොට තිබේ.

මහින්ද  රාජපෂ සමයේ ඉන්දියාවත් සමග සිදුවූ  රාජ්‍ය තාන්ත්‍රික කතාබහ බොහෙවිට අවසන් වුනේ ඇල්මැරුණු පුවත්පත් ප්‍රකාශ වලිනි.

මංගල සමරවීර මහතා ඉන්දියාවට ගිය පමණින් සියළු ප්‍රශ්න එකවර විසඳේන්නේ  නැත.

 

ඉන්දියානු තෙල් සමාගම
ඉන්දියානු තෙල් සමාගම

ශ්‍රී ලංකා මුහුදු තීරය තුලට ඇතුල්වීම

නිදර්ශනයක් වශයෙන් ගතහොත් ඉන්දීය ධීවරයින් ශ්‍රීලංකා මුහුදු තීරය තුලට ඇතුල්වීම ගැන සුහද පිළියම් තිය නොහැක. මන්දයත් ඒ මුහුදු සීමාව ශ්‍රී ලාංකික ධීවරයින්ගේය. මෙවැනි ප්‍රශ්න වලදී කෙළින් සිට තීරණයක් ගත හැක්කේ යහපත් සම්බන්ධයක් පවත්වා ගැනීම් තුලින් පමණි.

අනෙක් අතට චම්පික රණවක ඇමතිවරයා  පෙන්වා දෙන පරිදි  රාජපක්ෂ ආණ්ඩුව සිදු කල දුෂිතතම ගනුදෙනුවක් වන්නේ ඉන්දියානු සමාගමක් විසින් කල උතුරු දුම්රිය මාර්ග ගනුදෙනුවයි. මෙවැනි ගනුදෙනු ප්‍රශ්න කිරීමට හැකි වාතාවරණයක් සාදා  ගැනීමේදී ඉන්දියාවත් සමග ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් ගොඩ නගා ගැනීම වැදගත්ය.

දෙරටම එකිනෙකා ගේ වෙළඳපල තුල තරඟකාරීව ක්‍රියා කිරීමට ඉගෙන ගැනීම වැදගත්ය.ශ්‍රී ලංකාවට දැනට අවසිදායකව තිබෙන වෙළෙඳ ශේෂය වාසිදායක තත්වයකට හරවා ගත හැක්ක්කේ එමගිනි.රනිල්වික්‍රමසිංහ මහතා මීට පෙර  අගමැතිව සිටි සමයේ ඉවක් බවක් නැතිව ඉන්දීය ආයෝජන වලට ඉඩ දුන්නා සේ කටයුතු කළහොත් වැඩ වරදිනු ඇත.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  හා විදේශ ඇමති  මංගල සමරවීර හමුවීමෙන් අනතුරුවනිකුත් කර ඇති පුවත් පත් නිවේදනයේ නම් ඇත්තේ සුපුරුදු රාජ්‍ය තාන්ත්‍රික හෑල්ළමය.

ඉදිරි පෙළගැසීම් දෙස බලා සිටීම තුලින් පමණක් සිදුවන්නේ කුමක්දැයි වටහා  ගත හැකි වනු ඇත.

ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දියාවට පැමිණීමට එකඟ වීම ගැන ස්තුතිවන්තාවන් අතරවාරේ තමන්ද පහසු දිනයකදී ශ්‍රීලංකාවට පැමිණෙන බව  ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  කියාසිටී.

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.