ඉන්නට ගෙයක් වත් නැති ගෝඨාභය

gotaaa(83)

ජතික ධනය කොල්ලකෑම ගැන තමන්ට චෝදනා එල්ලවුනත් තමන්ට ඉන්න හිටින්න ගෙයක් පවා නැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටී.

දැනට තමන්ගේ නැන්දම්මා ඇමරිකාවේ පදිංචිව සිටින හෙයින් ඇගේ නිවසේ ජීවත් වෙන බව ඔහු කියා සිටී.

කේ පී ට එරහිව නඩු නොපවරා සිටීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම හිටපු ජනාධිපතිවරයාත් එකඟ වූ බව රාජපක්ෂ මහතා ඩේලි මිරර් පුවත්පතට පැවසීය.

නැව්,රත්‍රන් ආදී වටින දේ කේ පී සතුවූ බව කියතත් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටින්නේ තමන් ඒ ගැන කිසිත් නොදන්නා බවයි.මේ තොරතරු රහස්‍ය ඒවා වූ බවත් එම තොරතුරු හමුදාපතිවරු භාරයේ පැවති රහස්‍ය තොරතුරු බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසයි.

වැරදි කල නිලධාරීන්ට නිසි දඬුවම් ලබා නොදීම හේතුවෙන් තමන්ගේ සහෝදරයාගේ ආණ්ඩුව පැරදුන බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටින්නේ.

පුතාගේ විවාහ මංගල්‍ය
පුතාගේ විවාහ මංගල්‍ය

මෑතකදී සන්නසකින් ලබා ගත් අලි පැටවුන් දෙදෙනා ආපසු භාරදීමට රාජපක්ෂ මහතා කටයුතු කළේ තමන්ට අලි දෙදෙනෙක් බලා ගැනීමට වත්කමක් නැති බව කියමිනි.පුරා දශකයකට වැඩි කාලයක් සිවිල් සේවාවේ ඉහලම තනතුරක් දැරූ එමෙන්ම ඉහළ පෙළේ හමුදා නිලධාරියෙක්ව සිටි පුද්ගලයෙකුට නිවසක් තනා ගත නොහැකිවීමද ප්‍රශ්නාර්ථයක් දනවන් කරුණකි.ඇතැම් විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ජීවන් වියදම වැඩවීම නිසා ගෙයක් හදා ගැනීමට නොහැකි වුනා විය හැකිය.

 

Former defence secretary Gothabya Rajapaksha dosent have a house to stay.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.