ඉන්ෆ්ලුවෙන්සා වැළඳී දරුවන් 12 ක් මිය යයි, 37 රෝහලේ

Feverඉන්ෆ්ලුවෙන්සා වෛරසය වැළඳුණු කුඩා දරුවන් 37 දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එම දරුවන්ගෙන් 27 දෙනෙකු ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පෙළෙන බව සනාථ වී තිබේ. අනිකුත් දරුවන්ගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීම සඳහා මේ වන විට කොළඹ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයට යොමු කර ඇත.

දැනට රෝගය වැළදීම නිසා 13 දෙනෙකු මිය ගොස් සිටී. එයින් 12 ක් දරුවන්ය.

ගාල්ල, මාතර, මුලතියන, වළස්මුල්ල හා තංගල්ල අධ්‍යාපන කළාපවල මෙම රෝගය පැතිරී ඇති ප්‍රදේශ ලෙස හදුනාගෙන ඇති අතර රෝගය වැලැක්වීමේ එක් පියවරක් වශයෙන් පාසැල්වල ප්‍රාථමික අංශය අද සහ හෙට (22-23) දෙදින වසා තබන ලෙස දැනුවත් කර ඇත. නැවත පාසැල් විවෘත කරන දිනය අද ( 23) අධ්‍යාපන නිලධාරීන් හා වෛද්‍යවරුන් එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය වේ. එසේම පෙර පාසැල් ලබන 28 දක්වා වසා තැබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.