ඉරුදින වැඩ නවතී

irudinaඉරුදින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඉරුදින පුවත්පත ප්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක විසින් නිකුත් කර ඇති ලිපියකට අනුව විමලනාත් මහතා සිය සේවය අවසන් කර තිබේ.

මෙම නීතිවිරෝධී සහ අයුක්ති සහගත ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් බල කරමින් කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත්වන බව ආයතනයේ කළමනාකාරිත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.