ඉල්ලා අස්වීම් පෙළයි……………..

newsනීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙන බව වාර්තා වේ. ඔහු මේ වනවිට සිය අස්වීමේ ලිපියද ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි ද පැවසේ.

 

ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපති

T. G. Jayasingheඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපති ටී. ජී. ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තාවේ. කැබිනට්‌ අනුමැතිය අනුව පවරා ගත් චීන වරායේ තෙල් ටැංකි දහසයක්‌ නිරීක්‍ෂණයට ගිය ඛනිජ තෙල් සංස්‌ථාවේ ඉංජිනේරුවරයකු ඇතුළු නිලධාරීන් තිදෙනකු ඊයේ (29 දා) පෙරවරුවේ ඉන්දියානු තෙල් සමාගමේ නිලධාරීන් විසින් සිරකර තබා ගැනීමේ සිද්ධිය මේ සදහා හේතු වී ඇති බව වාර්තාවේ.

එම සිදුවීම පිළිබද පරීක්ෂණයක් පවත්වන ලෙස ඛනිජ තෙල් සංස්‌ථාවේ සභාපතිවරයා ඉල්ලා සිටි බවත් එයට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා ඒ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් පැවසේ.

සනත් ජයසුරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ඒ දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහල බලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් බවද පැවසේ.

මේ සදහා හේතුවී ඇත්තේ සනත් ජයසුරිය මහතා විසින් තෝරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා අකමැත්ත පල කිරීමයි.

මේ හේතූන් නිසා තවදුටත් තේරීම් කමිටු සභාපති ලෙස කරයුතු කිරීම පලක් නොමැති බව සනත් ජයසුරිය මහතාට හැගී ගොස් ඇති බවද පැවසේ.

එම නිසා ඉදිරි සති කිහිපය තුල ඔහු මේ සම්බන්ධයෙන් අවසන් තීරනයක් ගනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!