ඉල්ලීම් දිනා ගන්න ගිහින් තියෙන දේවලුත් නැති කරලා !

දුම්රිය තාක්ෂණ ශිල්පීන්ගේ වැඩ වර්ජනය අතරතුර සමහර කඩාකප්පල්කාරී පිරිස් විසින් දුම්රිය දේපළවලට හානි සිදුකර තිබේ. මේ පිළිබඳව විමර්ශණයක් පවත්වන ලෙස ඉල්ලා දුම්රිය සාමාන්‍යාධිකාරී මහානාම අබේවික්‍රම මහතා විසින් පොලිසියට හා රහස් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම විනාශයන් අතර  මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ M 10 වර්ගයේ එන්ජින් හතරක්‌ ක්‍රියාවිරහිත කොට එහි වයර් මාරු කිරීම. දෙමටගොඩ පිහිටි ජල ශක්‌ති ධාවනාගාරයේද S 11 වර්ගයේ 907 දරන දුම්රිය එන්ජිමේද වයර් මාරු කොට ක්‍රියා විරහිත කිරීම.

විදුලි කේබල් මුළුමනින්ම ගලවා තිබීම
ලුණුවිල, මාදම්පේ, නාත්තන්ඩිය වැනි දුම්රිය ස්‌ථානවල විදුලි සංඥ කපා දැමීම. අංක 104 හා 425, 464, 172 යන දුම්රිය එන්ජින්වල කොටස්‌ ඉවත් කිරීම ද ඇතුළත්ය. වැටුප් විෂමතා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම වර්ජනය පෙරේදා (30) ක්‍රියාත්මක විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.