ඉස්කෝලේ සර් පොලිස්පතිට කෝල් කරලා……………………

Lakshman Kiriellaපසු ගිය ආණ්ඩුවේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පැවසුවේ තමන් ආණ්ඩුවේ කුණු රෙදි අපූල්ලන ඩොබි වැඩේ කරන බවයි. ඔහු මහනුවර දිස්ත්‍රික්කයෙනි දැන් මේ වැඩේට අළුතින් පත්ව සිටින්නේ ද මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකි.

පසුගිය 30වනදා රත්නපුර ප්‍රදේශයේදී පැවති උත්සවයකදි දේශනයක් පවත්වමින් සිටි පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පැමිණනෙ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් ඊයේ (02) දිනද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණු අතර ඔහුට අමතා ඇත්තේ පාසලේ සර් කෙනෙකු යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා මතු කළ “පොලිස්පති වරයා දුරකථනයෙන් කතා කළ සර් කවුද?” යැයි සිදු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිණි. ගැටළුවකට තිබෙන්නේ මේ සර්ට තමන්ගේ සෙසුන් රැස්වීම් පිළිබඳව තොරතුරු කියා සිටීමයි.

අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ, කලක් ඛණිජ වැලි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම කලක් එහි ප්‍රධාන විධායක නිලධාරී හා සභාපතිවරයා ලෙසත් කටයුතු කළ දෙවුන්දර දේවාලයේ නිලමේවරයා වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර අත්අඩංගුවට නොගන්නා ලෙස දන්වමින් එම දුරකථන ඇමතුම ලබා දුන්නේ ආමාත්‍ය සාගල රත්නායක මහතා හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා වියහැකි බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.