ඊ.පී.ඩී.පී සාමාජිකයන් තිදෙනෙකුට මරණ දණ්ඩනය…………….

death-penalty-1දිනසේන රතුගමගේ

යාපනයේ ඊ.පී.ඩී.පී.සාමාජිකයින් තුන්දෙනෙකුට දෙසැම්බර් මස 07 වෙනිදා යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචෙලියන් විසින් මරණීය දණ්ඩනය නියම කොට තිබේ. 2001 වර්ෂයේ නොවැම්බර් මස 28 වෙනිදා දෙමළ ජාතික සන්ධානයේ ආධාර කරුවන් දෙදෙනෙකුට පහරදී මරදමා තවත් දහ අට දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ වරද මත ඊ.පී.ඩී.පී.සාමාජිකයින් හයදෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිසක් යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක් සංවිධානය කොට සිටියදී පොලු මුගුරු රැගත් ඊ.පී.ඩී.පී.සාමාජිකයින් පිරිසක් එතැනට කඩා වැදී කළ පහරදීමක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොණුකොට තිබුණි. වරදකරුවන් ලෙස හදුනාගත් ඊ.පී.ඩී.පී.සාමාජිකයින් හයදෙනාගෙන් දෙදෙනෙකු රටින් පලාගොස් ඇති බවට අධිකරණයට තොරතුරු ලැබුණු අතර මෙම නඩුව විභාගයට ගැණුනේ එම සැකකරුවන් දෙදෙනා නොමැතිව බව පැමිණිල්ල වෙණුවෙන් පෙනීසිටි නීතිඥ එම්.සහාන්තන් පැවසීය. ඉතිරි සැකකරුවන් හතර දෙනාගෙන් එක් අයෙකු අධිකරණයේදී නිදහස ලැබූ අතර අනෙක් සැකකරුවන් තුන්දෙනාට මරණීය දණ්ඩනය නියම වූ බව කී නීතිඥවරයා මියගිය පුද්ගලයින් දෙදෙනා වෙණුවෙන් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට විනිසුරුවරයා නියෝග කළ බවද කියා සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!