උතුරු- නැගෙනහිරට ෆෙඩරල්- දෙමළ ජාතික සන්ධානය

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යගත කෙරෙන පෙඩරල් ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානය පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් එම අදහස පළ කළේ යාපනයේ උඩුවිල්, ‘මරදනාර්තොට්ටම්’ ක්‍රීඩාංගණයේදී දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය මහජනයා අතට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,පළාත් සභා නියෝජිතයන්,සෙසු දේශපාලන ක්‍රියාධරයින් සහ විද්වතුන් රාශියක් සහභාගි වූහ.

ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීම

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමෙන් පසුව බීබීසී සංදේශයට අදහස් දැක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් කියා සිටියේ, උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුමක් වශයෙන් බලය බෙදා හැරෙන ෆෙඩරල් ක්‍රමයකට යාම දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂාව වන බවයි.

‘ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයා ගත හැකි වන්නේ ඒකීය රාජ්‍යයක් තුළ උපරිම මට්ටමින් බලය බෙදා හැරීමකින් පමණයි’එම්.ඒ.සුමන්තිරන් පෙන්වා දෙයි.

පළාත් සභා වලට ඉඩම් ආරක්ෂක සහ අධිකරණ බලතල පැවරීම අවශ්‍ය බවත් හිටපු මන්ත්‍රීවරයා පවසයි.

මැතිවරණය අවසන් වනතුරු කවර පක්ෂයක් සමග හෝ සාකච්ඡා නොකරන බවත්, බලයට පත්වන රජය සමග සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන දේවල් ලබා දෙන්නේ නම් පමණක් එම රජයට සහයෝගය ලබා දෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.

යුද අනාථයන්

යුද අනාථයන් යලි පදිංචි කිරීම, නිවාස ඉදිකර දීම සහ අහිමි වූ ඉඩම් යලි ජනතාවට ලබා දීම ආදියත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් වෙයි.

තම සන්ධානය ජනවරමක් ඉල්ලා සිටින්නේ එම මහජන ගැටළු සඳහා විසඳුම් ලබා දීමට බවත් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ දැක්වෙයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.