එච්-1 එන්-1 රෝගය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් හාරසීයක් උතුරු පළාතෙන්

H1N1 Influenzaඋතුරු පළාතෙන් එච්-1 එන්-1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් හාරසීයක් පමණ මේ වන විට හමු වී ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝහලේ දැනට නේවාසික රෝගීන් සංඛ්‍යාව 244 ක් බවත් ඉන් 80 දෙනෙකු ගර්භණී මවුවරුන් බවත් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම රෝගීන්ගේ රුධිර සාම්පල හා සෙම කොටස් කොළඹට යවා සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී නියත වශයෙන්ම 37 දෙනෙකුට එච්-1 එන් -1 වෛරසය ශරීර ගත වී ඇති බවට වාර්තා ලැබී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

දැනට කොළඹින් ලැබුණු නිගමන වාර්තාවලට අනුව 65 දෙනෙකුට පමණ නියත වශයෙන්ම එච්-1 එන්-1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදී ඇති බව් ප්‍රකාශ කළ උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා උතුරු පළාතේ කිසිදු රෝහලකදී එම වෛරසය පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට පහසුකම් නොමැති නිසා නිශ්චිත වශයෙන් රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීමට නොහැකි බවද පැවසීය.

උතුරු ප්‍රදේශය පුරා මෙම රෝගය පැතිර යන බවට ආරංචි වීමත් සමගම අති විශාල රෝගීන් ප්‍රමාණයක් රෝහල් වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙමින් සිටින බවත් එම සංඛ්‍යාව දිනකට 1200 ක් පමණ වන නිසා රෝහල් කාර්ය මණ්ඩල වලට රෝගීන් පිළිබදව කටයුතු කිරීමට ඉතා අසීරු තත්ත්වයක් උද්ගතව ඇති බවත් කියා සිටියේය.
දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.