උතුරු මැද වාරි ඇළ ගැන යළිත් හිතන්න

waari-alaඋතුරු මැද වාරි ඇළ නොහොත් Ncp ව්‍යාපෘතිය ඉතා භයානක ප්‍රතිපල ගෙන දෙන්නක් බව පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පවසයි. මහවැලි සැළසුම සකස් කළ මීට හතලිස් වසරකට පෙර උතුරු මැද වාරි ඇල නොහොත් Ncp සැළසුම සකස් වූ නමුත් එය යට ගියේය.

දැන් රුපියල් බිලියන 120 ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත ඉදීවීම ආරම්භ කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය මෙරට නැවතත් පාරිසරික හා සමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයකට ගෙන යන අතර සිංහල දමිළ ගැටුමක් මේ හරහා නිර්මාණය වීම සදහා ඇති ප්‍රවනතාවයද ඉතාමත් වැඩිය

රජය පවසන පරිදි උතුරු උතුරු මැද හා වයඔ යන පළාත්වල ජනතාව දූගී භාවයට පත්ව ඇත්තේ ජල හිගය නිසාය එමනිසා එම දූගී භාවය තුරන් කිරීමට මෙම වාරි ඇල සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.
වාරි ඇල ඉදිවන්නේ උතුරු මැද හා උතුරු පළාත් වල දැවැන්ත වන සංහාරයක් සිදු කරමිනි
දැනටමත් දැවැන්ත පාරිසරික හයනයක් සිදුකරමින ඉදිවෙන මෙරගහ කන්ද හා කලු ගග ජලාශ නිම කිරීමෙන් අනතුරු එම ජලය කිලෝමීටර් 66 දිග ඉහල ඇලහැර ඇල ඔස්සේ මහකනදරාවට ගෙන යනු ලබයි . දෙවනුව මාන්නකටිටියේ සිට චෙන්මඩුකුලමි දක්වා කිලෝමිටර් 95 වාරි ඇලක් ඉදිකිරිමට නියමිත අතර එයින්ද නොනැවතී එම පාරිසරික සංහාරය වඩා තීවෘර කරමින් චෙන්මඩු කුලමි සිට ඉරණමඩු දක්වාත් ඉරණමඩු සිට යාපනයේ අර්ධද්ධිපය දක්වාත් මෙයින් ජලය ගෙන යාමට සැළසුම් කර ඇත.
වාරි පද්ධතිය අවුල්

උතුරු මැද වාරි ඇළට සමගාමීව රන්දෙණිගල ජලාශයේ සිට කිලෝමිටර් 52 දිවෙන වාරි ඇලක් ඔස්සේ එහි ජලය කලු ගග හා මෙරගහකන්ද ජලාශවලට හැරවීමටත් ,අංගමැඩිල්ල අසල වෙල්ලක් බැද එහි ජලය පොමිප මාගින් මින්නේරිය ජලාශයට ලබාදීමටත්, මහවැලි ගග කාලිංගණුවරින් හරස්කෙට අංගමැඩිල්ලට ලබාදීමටත් කටයුතු සකස් කරමින් පවතින අතර මෙයින් පුරාන වාරි පද්ධතිය අවුල් ජාලයක් වනු ඇත.

මෙම ව්‍යාපෘතිය නිසා කුඩා මස්වැල්ලාව,මහ මස්වැල්ලාව ,රන්පත් විල, සියඔලා වැව, තමිමැන්නා කුලමි, පලා තොට වැවැ, කුඩා පටිටිය දිවුල් වැවැ, කාපිරි ගම වැව , ඇහැටු වැවැ , කොන් වැවැ, පත්තක්කා වැව, දික්වැව ,ගුරළු පොත වැව, වයඔ පළාතේ මී ඔය අශ්රීතව හා තවත් කුඩා වැවි 700ි පමණ එල්ලංගා පද්ධති හා ඒ අවට ප්රදේශ ගණනාවක වනන්තර මෙම ව්යාපෘතිය නිසා විනාශ වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.