උතුරු මැද සෙංකෝලය දෙකඩ – නව සභාපති ඩී. එම්. අමරතුංග

North Central Provincial Councilඋතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහිව ඊයේ (18) විවාදයට ගැනීමට නියමිතව තිබූ විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පළාත් සභා සෙංකෝලය දෙකට කැඩි ගොස් තිබේ.

ඒ අනුව පළාත් සභාවේ කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීම නිසා ඊයේ පස්වරු 2 .00 දක්වා සභාව කල් තැබිණි.

විශ්වාසභංගයට ලක්ව ඇති සභාපති ටී. එම්. ආර්. සිරිපාල මහතා අද පළාත් සභා සැසිවාරයේ දී මුලසුන දැරීම ගැන විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග මෙම ගැටුම ඇතිවී තිබේ.

උතුරු මැද පළාත් සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කරගෙන තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඩී. එම්. අමරතුංග මහතාය. ඊයේ උදෑසන කාලයේ අති වූ නොසන්සුන්තාවයෙන් පසු සභාව පස්වරුවේ යළි රැස් විමෙන් අනතුරුව සභාවේ ඡන්දයකින් ඔහු තොරා පත් කර ගෙන ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.